දිනසේන රතුගමගේ –
ඉන්දීය ආධාර මත ශ්‍රී ලංකාවට ලැබී ඇති සහනාධාර වලින් උතුරේ පවුල් එක් ලක්ෂ තිස්පන් දහසකට සහන සැලසෙන බව උතුරු පළාතේ දිසාපතිවරුන්ගේ සංඛ්‍යා ලේඛන සඳහන් කරණු ලබයි.
දැනට සිදු කොට ඇති ගණන් බැලීම මත රජයේ නිර්දේශය මත යාපනයේ පවුල් 75000ක්, කිළිනොච්චියේ පවුල් 20000 ක් මුලතිව් පවුල් 15000 ක් මන්නාරමේ පවුල් 12000 ක් හා වවුනියාවේ පවුල් 13000 ක් සදහා ඉන්දීය සහනාධාර ලබාදීමට අපේක්ෂිතය.
ඉන්දීය සහනාධාර ලබාදීම සඳහා සුදුසු පවුල් තේරීමේ කටයුතු මේ දිනවල ඒ ඒ පළාත්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු වෙමින් පවතී







