ඉන්දීය විදේශ ලේකම් විනේයි ක්වාර්ටා ඉකුත් සිකුරාදා ප්‍රකාශ කර සිිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ ද්වීපාර්ශවික සාකච්ඡාවලදී දෙරටටම නාවික ක්ෂේත්‍රය ඇති නව අවස්ථාවන් මෙන්ම මුහුණ දෙන අභියෝග පිළිබඳවද වඩා පුළුල් අවධානයක් යොමු කළයුතු බවයි.
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති ද්වීපාර්ශවීය සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවට වාර්තාවේ.
මෙම සාකච්ඡා සම්බන්ධයෙන් සහ ඉන්දියන් සාගරයේ චීන හැසිරීම් වර්ධනය වීම පිළිබඳ ද අවධානය යොමුවූයේද යන්න මාධ්‍ය විසින් විමසා සිට ඇත.
එහිදී විදේශ ලේකම් ප්‍රකාශ කර සිටියේ, “ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අසල්වැසියන්. අපිට ඉතා දිගු අතීතයකට උරුමකම් කියන පුළුල් සම්බන්ධතාවයක් තිබෙනව. ඒ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රශ්න වලදි අපි සංවේදී වීම ඉතාම ස්භාවික දෙයක්.“ යනුවෙනි.
“ සමාන්‍යෙය් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට වාඩි වී සාකච්ඡාකරන විට සමුද්‍ර ක්ෂේත්‍රෙය් ආර්ථික හවුල්කාරිත්වයේ පවතින අවස්ථාවන් ගැන කතාකරනවා පමණක් නොව සමුද්‍රීය කළාපය තුළ රටවල් දෙකම මුහුණ දෙන අභියෝග පිළිබඳවත් ඉතා පුළුල්ව අවධානය යොමුකරනවා.“ යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
මෙහිදී ඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ගැන අදහස් දක්වමින් විදේශ ලේකම්වරයා සඳහන් කර සිටියේ, “ ශ්‍රී ලංකාව අපිට දන්වා සිටියේ අපේ ආරක්ෂක උපාය මර්ග සහ ඊට අදාල කාරනා වලදී සංවේදීව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තමන් උපරිමයෙන් ගෞරව කරන බවයි“ ලෙස ක්වාර්ටා පෙන්වා දුන්නේය.
ඉන්දියාව සිය සාගර කළාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල වශයෙන් සංවේදීව කටයුතු කරන අතර එහිදී චීනයෙන් එල්ලවිය හැකි අභියෝග සම්බන්ධයෙන් ඉතා විමසිල්ලෙන් පසුවේ.







