ලෝකය විවිධ අර්බුදවලට මුහුණ දෙන විට පවා ඉන්දියාවට විශාල ගැටලු එකවර විසඳිය හැකි බව ඔප්පු කළ බවත්, ඉන්දියාව අනාගතය සඳහා බලාපොරොත්තුවක් ලබා දෙන බවත් මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ, බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනමේ සම සභාපති බිල් ගේට්ස් සිය ‘ගේට්ස් නෝට්ස්‘ බ්ලොග් අඩවිය සටහනක් තබා ඇත.
ලෝකය බහුවිධ අර්බුදවලට මුහුණ දෙන මොහොතක පවා සාමාන්‍යයෙන් ඔහුට ප්‍රතිචාර ලැබුණේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් කාලය හෝ මුදල් යන දෙකම එකවර යෙදවිය නොහැකි බව යැයි ‘හෙල්ත්වර්ල්ඩ්’ වෙබ් අඩවිය වාර්තා කර ඇති අන්දමට බිල් ගේට්ස් සිය බ්ලොග් අඩවියේ සටහන් කර තිබේ. එහෙත් ඉන්දියාව එම ප්‍රතිචාර වැරදි බව ඔප්පු කළ බව ද ඔහු පවසා ඇත. “ඉන්දියාව අත් කරගෙන ඇති විශිෂ්ට ප්‍රගතිය තරම් හොඳ සාක්ෂියක් නැත.. සමස්තයක් වශයෙන් ඉන්දියාව මට අනාගතය ගැන බලාපොරොත්තුවක් ලබා දෙනවා.. එය ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට බවට පත්වීමට ආසන්නයි.. එහෙත්, විශාල අභියෝගවලට මුහුණ දිය හැකි බව ඉන්දියාව ඔප්පු කර ඇත. රට පෝලියෝ තුරන් කිරීම, එච්අයිවී සම්ප්‍රේෂණය අඩු කිරීම, දරිද්‍රතාවය අඩු කිරීම, ළදරු මරණ අඩු කිරීම සහ සනීපාරක්ෂාව සහ මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩි කිරීම වැනි දේ ඔවුන් සිදු කර තිබේ…” ඔහු වැඩිදුරටත් සිය බ්ලෝග් අඩවියේ පවසා ඇත.







