ඇෆ්ගනිස්ථානය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමටත් බලාපොරොත්තු වන බවත් මේවන වට ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකරන බවත් ඉන්දියාව පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ආර් රවින්ද්‍ර විසින් ජගත් සංවිධානයේ විශේෂ දේශනයක් සිදුකරමින් මේබව අනාවරණය කර තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දියාව සැම විටම ඇෆ්ගනිස්ථානයේ සමීප මිතුරකුව සිටි බවත් ඒ බව සානාථ කිරීමට අතීතර සාක්ෂි නිර්න්තරයේ පවතින බවත්ය.
ඉන්දියාවේ මූලිකම අභිප්‍රය වී ඇත්තේ ඇෆ්ගනිස්ථානය මේවන විට මුහුණ දී ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට අවශ්‍ය මානුෂීය සහනාධාර ලබාදීම බවයි. එහිදී ඇෆ්ගනිස්ථානයේ පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ ත්‍රස්ථවාදී ක්‍රියාවන් ව්‍යර්ථ කිරීමට අවශ්‍ය සහය ලබාදීමටද ඉන්දියාව සූදානම් බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.
ඇගනිස්ථානයේ පවතින් සෞඛ්‍ය හා පෝෂණ ගැටලු වලට සහය වීමටද තමන් ඉදිරිපත් වන බවත් මේවන වට පැන නැගී ඇති කාන්තා අයිතීන් සම්බන්ධයෙන්ද තමන් අවධානය යොමුකර ඇති බවද නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා පවසා ඇත.
මේවන විට ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියා ඉතා සමීපව නීර්ක්ෂණය කරමින් සිටින බවත් එහිදී ජාත්‍යන්තර ප්‍රජාව සමග සමීපව කටයුතු කරන බවද නියොජිත රවින්ද්‍ර පෙන්වා දී තිබේ.
ඇෆ්ගනිස්ථානය ත්‍රස්ත කටයුතු වලට භාවිතා කිරීම වැලැක්වීම කටයුතු කළයුතු බවත් එහිදී ත්‍රස්වාදීන්ට සිය පුහුණ කිරීම් සහ සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙ යනු ලබන භූමියක් බවට ඇෆ්ගනිස්ථානය බවට පත්නොවිය යුතු බවද නියොජිතවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.







