ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන ගලා ඒම ගතවූ වසර කීපය තුල අඛණ්ඩව ඉහළගොස් ඇති බව ඉන්දීය මධ්‍යම බැංකුව අනාවරණය කරයි.
ඒ අනුව 2020 මූල්‍ය වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 74.4ක් සෘජු විදේශ අයෝජන වශයෙන්ද 2021 මූල්‍ය වර්ශයේදී ඇමරිකානු ඩොලර් බිලියන 82ක්ද මෙම වසරේ බිලියන 83.6ක් ලැබී ඇති අතර එහිදී මෙම වසරේ ගානා එන ලද සෘජු විදේශ ආයොජන වලින් වැඩි ප්‍රමාණයක් සේවා සහ නිෂ්පාදන අංශ වෙත කරණ ලද අයෝජන බවට ඉන්දීය මධ්‍යම බැංකුව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ බරෝඩා බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මාධන් සබ්නාවිස් ප්‍රකාශ කරන්නේ “ සෘජු විදේශ අයෝජන කියන්නේ දිගු කාලීනව සිදුකරන්නක්. එහිදී යම් රටකට සෘජු විදේශ අයෝජනයන් ගලා එනවානම් එමගින් කියැවෙන්නේ එරට ස්ථාවර මට්ටමක පවතින බවයි.” යනුවෙනුයි.
එහිදී ඉන්දියාවට ගලා එන් බහුතරයක් වූ සෘජු විදේශ අයෝජනයන් තොරතුර තාක්ෂණික, මූල්‍ය, දුරකථන, ඖෂද සහ වෙනත් කුඩා නිෂ්පාදන යන ක්ෂේත්‍රවලට ගලා එන බවද ඉන්දීය මධ්‍ය බැංකුව පෙන්වාදෙයි.
මේ අතර ව්‍යාපාර උපදේශණ සමාගමක් වන ඩෙලොයිට් පෙන්වා දෙන ආකාරයට ලොව ප්‍රමඛතම පෙළෙ ව්‍යාපාර 1200 බහුතරය් සිය ආයෝජන ඉන්දියාව තුල සිදු කිරීමට අවධානය යොමුකර තිබේ. ඒ අනුව ඉදිරියේදී ඉන්දියාවට විශාල වශයෙන් සෘජු විදේශ අයෝජනයන් ගලා ඒමේ හැකියාව පවතින බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
කෙසේවෙතත් මේවන විට රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරිමත් සමඟ ඇතිව තිබෙන අර්බුදයත් ඇමරිකා එක්සත් ජනපදයට බලපා තිබෙන දැඩි උද්ධමනයත් යම් ආකාරයක ඉන්දියාවට බලපෑමක් එල්ල කිරීමට ඉඩ පැවතියද සමස්ථයක් ලෙස ඉදිරියේදීත් ඉන්දියාවට සෘජු විදේශ අයෝජනය වැඩි වශයෙන් ගලා ඒමේ හැකියාවක් පවතින බව විශ්ලේෂකයින් පුරෝකථනය කරයි.







