ඉන්දියාවේ විවාදපන්න දේශපාලඥයෙකු සේම හිටපු ඇමතිවරයෙකු ද වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ඊයේ (28) මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඇත.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට ලංකාවට පැමිණ සිටින ආචාර්ය ස්වාමි, රාජපක්ෂ පවුලේ සමීප මිතුරෙකු ද ලෙස සැළකේ.
ඔහු මහින්ද රාජපක්ෂ ද හමු වී ඇති අතර එම හමුවට පෙර ගෝඨාභය රාජපක්ෂ හමු වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හමුවීම් ද්විත්වයට පෙර ඔහු ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද හමුවී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ දැනුවත් වී ඇත.
භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස සැලකෙන ආචාර්ය ස්වාමි, ගෝඨාභය හමුවීම සඳහා ඔහුගේ සමීපතයන් තිදෙනෙකු ද සමඟ ගොස් ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.