දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී හතර දෙනෙකුගෙන් යුත් තවත් පවුලක් යාපනය පොලීසිය විසින් 12 දා අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලීසිය පැවසුවේ ඔවුන් පසුගිය 7 වන දින මෙරටට පැමිණ ඇති බවට තොරතුරු හමු වී ඇති බවයි.
පොලීසිය විසින් සොයාගත් පිරිස අතර 61 හැවිරිදි කාන්තාවක්, ඇයගේ 34ක් වු දියණිය සහ එම කාන්තාවගේ වයස අවුරුදු 9ක් හා 5ක් පිරිමි දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් ඉන්දියාවේ රාමේෂ්වරන් හි සිට ධීවර බෝට්ටුවකින් මන්නාරමට පැමිණ පසුව යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ ඇත.
පොලීසිය අත් අඩංගුවට ගත් හතර දෙනාගෙන් ඉන්දියාවට පිටව ගිය කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් පැමිණ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නැවති සිටි නිවස නිරෝධායනයට ලක් කොට තිබේ.
යාපනය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.