දිනසේන රතුගමගේ –
උතුරු මුහුදට අනවසරයෙන් ඇතුළු වන ඉන්දීය ධීවරයින් හා මිනිස් ජාවාරම්කරුවන් පරීක්ෂා කිරීම හා අත් අඩංගුවට ගැනිම යන කටයුතු වලදී වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් ලැබෙන සහය වැඩි කිරීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පියවර ගෙන තිබේ.
නාවික හමුදාවේ නිලධාරීන් මේ ක්‍රියාවේදී ඉතා විශිෂ්ඨ සේවාවක් ඉටු කරණ බව පැවසූ අමාත්‍යවරයා මේ දිනවල ඉන්දියාවේ සිට පමිණෙන ධීවරයින් හා ඔවුන්ගේ යාත්‍රාද මිනිස් ජාවාරමේ යෙදී සිටින්නන්ද වැඩි වී ඇති නිසා නාවික හමුදාවේ සහයට හා අමතරව වෙරළාරක්ෂක නිලධාරීන් සේවයේ යොදවා තිබේ.
ධීවර අමාත්‍යවරයා විසින් උතුරේ ධීවරයින්ට හා ධීවර සංගම් නියෝජිතයින්ට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතීම සඳහා දුරකතන අංක කීපයක් ලබා දී ඇති අතර ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණෙන අවස්ථාවලදී හා ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාවලදී නාවික හමුදාවට මෙන්ම එම නිලධාරීන්ටද තොරතුරු දැනුම් දෙන ලෙස ප්‍රකාශ කොට තිබේ.
නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදු කරණු ලබන මෙහෙයුම් වැඩි කිරීම නිසා ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම විශාල වශයෙන් අඩු වී ඇතැයි ඇමතිවරයා පවසයි.
මේ අතර නීති විරෝධී මිනිස් ජාවාරම් ද වළක්වා ගැනීමට හැකි වී තිබේ. රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණි ද්‍රවිඩ ව්‍යාපාරිකයෙකු සහ ඔහුව රැගෙන ආ බෝට්ටුවේ සේවකයින් දෙදෙනෙක් ඊයේ (12) අත්අඩංගුවට ගත් අතර ඔවුන් මැයි මස 25 වෙනිදා දක්වා නිරෝධායනය කිරීමට මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
යාපනයේ ව්‍යාපාරිකයෙකු වූ මේ පුද්ගලයා මේ වසරේ අප්‍රේල් මාසයේදී ගුවනින් ඉන්දියාවට ගොස් ඇති අතර ඔහු ආපසු ඒම සදහා මන්නාරම පේසාලේ ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙකුට මුදල් ගෙවා කුඩා යාත්‍රාවකින් මන්නාරමට පැමිණෙමින් සිටියදී නාවික හමුදාව එම යාත්‍රා සමග පුද්ගලයින් තුන් දෙනාව අත් අඩංගුවට ගෙන සෞඛ්‍ය නිලධාරීන්ට බාර දී ඇත.