ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 15,000ක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව පවසයි.
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් දෙදෙනෙකුට අවසර ලබා දී ඇති බව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිල ඉද්දමල්ගොඩ තහවුරු කරයි..
ඒ අනුව, ජනවාරි 31 වන දිනට පෙර ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය.
පසුගිය මෝසම් සමයේ දේශීය ලුණු නිෂ්පාදනයට ඇති බලපෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.







