සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවෙන් ගෙන්වූ බාල නිර්වින්දන එන්නත පේරාදෙණියේ දි දරුවන් 02ක් මැරුවා ද?…

එක් දරුවෙකුගේ පියා දරුවාගේ මරණය ගැන සැක පහළ කරයි... රෝහල් අධ්‍යක්ෂ චෝදනා ප්‍රතික්ෂේප කරයි...

by editor
ජූනි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දී පාදයේ සැත්කමකට ලක් කිරීමෙන් අනතුරුව මිය ගිය දරුවා එසේ මිය යන්නට ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වූ ප්‍රශ්නකාරී   “බුපිවකේන්” නිර්වින්දන එන්නත හේතුවෙන් විය හැකි බව එම දරුවාගේ මව්පියෝ මේ වනවිට ප්‍රකාශ කරති.

තම දෙහැවිරිදි දරුවාට අදාල නිර්වින්දන එන්නත මැයි මස 23 දා ලබා දී ඇති බවත් අනතුරුව යළි සිහි නොලැබූ එම දරුවා මැයි මස 25 දා  පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  දී    මරණයට පත් වූ බවත් දරුවාගේ පියා වූ  ඩබ්ලිව්.එස්. වෙල්ගම පැවසුවේය.

දෙහැවිරිදි දරුවාගේ  කකුලේ උපතින්ම තිබූ ඇදයක් නිවැරදි කිරීමේ අභිලාෂයෙන් මෙම සැත්කම සිදුකළා මිස දරුවාට වෙනත් කිසිම රෝගී තත්ත්වයක් නොතිබුණ බව එම පියා ප්‍රකාශ කළේය.

  • දරුවා මිය ගියේ එන්නත නිසාදැයි සැකයි!

දරුවාගේ තාත්තා අපට කීවේ මෙවැනි කතාවකි.

“ පහුගි මැයි මාසේ 22දා මගේ පුතා    පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලට ඇතුළත් කළේ පාදයේ පොඩි සැත්කමකට. සැත්කම 23 වැනිදා කළා. ඒක පැය 06ක් පමණ කාලයක් ගිය සැත්කමක්.”

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“පුතා වාට්ටුවට ගෙනාවේ සිහිය නැතුව. ඉන්පසු පුතාගේ තත්ත්වය බරපතළ නිසා   එයාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. 25 වෙනිදා වෛද්‍යවරු මට කීවා මගේ පුතා  මියගිය කියලා. මේක මට අදහගන්නත් බැරි වුණා. මගේ පුතාට කිසිම රෝගයක් තිබුනෙ නෑ. කකුලේ අස්ථියක සුළු ශල්‍යකර්මයක්  විතරයි කරන්න තිබුනේ. “

“මම වෛද්‍යවරුන්ගෙන් ඇහුවා එහෙම උනේ කොහොමද කියලා. ඒ අය මට හරි උත්තරයක් දුන්නේ නෑ. නමුත් රෝහලේ අයගේ යම් යම් ප්රකාශවලින් හැසිරීමෙන් මට සැකයක් ඇති වුණා මගේ දරුවා නැති වුණේ නිර්වින්දන ඖෂධයක වරදින් කියලා.”

“ මගෙ දරුවා මිය ගිහින් තියෙන්නේ මේ නිර්වින්දන එන්නත නිසා නම් එහි වගකීම දැන් භාරගන්නේ කවුද?” ඒ තාත්තා ඇසුවේය.

මාස දෙකක් දැඩි සත්කාර ඒකකයේ සිටීමෙන් අනතුරුව පෙරේදා(18) මිය ගිය විදුහල්පතිනියගේ මරණය සම්බන්ධව ඇසීමත් සමග තම දරුවාගේ මරණය සම්බන්ධව ඒ මවුපියවරු නැවත සිතා තිබුණහ.

මරණය සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට  අවබෝධයක් ඒ අවස්ථාවේ නොතිබුණ බව ඒ මව්පියවරු ප්‍රකාශ කළහ.

  • දරුවන් දෙදෙනෙකුගේ මරණ

මේ අතර අද (20) දහවල් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ පේරාදෙණිය ළමා රෝහලේ ඉහත දරුවාගේ මරණය පමණක් නොව, පසුගිය 03 වැනිදා තවත් දරුවෙක් වශයෙන්  දරුවන් දෙදෙනෙකුගේ සැක කටයුතු මරණ වාර්තා වී ඇති බවය.

එම මරණවලට පෙර එම දරුවන්ට ප්‍රශ්නගත නිර්වින්දන එන්නත ලබා දී තිබුණු බවත් මෙම මරණවලට එම එන්නතේ බලපෑමක් වී ද යන්න විද්‍යාත්මකව තහවුරු කරගත යුතු බවත්ය.

කෙසේ වෙතත් මෙම එන්නත නිසා මින් මාස දෙකකට පෙර තරුණ ගැබිණි මාතාවක් මිය යෑමෙන් පසු එන්නතේ අදාල ඛාණ්ඩ භාවිතයෙන් ඉවත් කෙරනි.

ඊයේ වනවිට  ඉන්දියාවෙන් ගෙන්වූ ප්‍රශ්නකාරී   “බුපිවකේන්” නිර්වින්දන එන්නත  මුළුමනින්ම භාවිතයෙන් ඉවත් කර තිබේ.

  • එහෙම දෙයකි නෑ – රෝහල් අධ්‍යක්ෂ

මේ පිළිබඳව කළ විමසිමක දී බණ්ඩාරනායක ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර පැවසුවේ කරුණු හරිහැටි නොදැන ඇතැම් පිරිස් වැරදි මත සමාජගත කිරීමට උත්සාහ කරන බවය.

අද සමාජ මාධ්‍ය ඔස්සේ මතු කළ දරුවාගේ මරණය සම්බන්ධ කිසිදු පැමිණිල්ලක්  තවමත් ලැබී නැතැයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සරත් වීර බණ්ඩාර  කීවේය.

නොයෙකුත් හේතු  නිසා ළමා රෝහලකදී සාමාන්‍යයෙන් මරණ සිදුවන බවත් ඖෂධයක බලපෑම හේතුවෙන් මරණයක් සිදු වූ බවට කිසිදු පැමිණිල්ලක් නොමැති බවත් වගකීමෙන් ප්‍රකාශ කරන බව රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේය.

ඖෂධයක බලපෑම නිසා මරණයක් සිදු වුවහොත් අනිවාර්යෙන්ම පැමිණිල්ලක් ඉදිරිපත් වන බවත් ශල්‍යාගාරයේ දී ඒ ආකාර මරණයක්  සිදුව නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ ඥාති පුත්‍රයාට අයත් පානදුර ඉඩම සහ නිවස බලෙන් අත්පත් කරගෙන…

Next Post

යූ ටියුබ් නරඹා ගිනිඅවි නිපදවූ මාමයි බෑනයි අත්අඩංගුවට!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.