ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පකිස්තානය අතර පැවැත්වෙන සුපර් ෆෝ තරගයට පමණක් වර්ෂාවෙන් බාධා පැමිණියහොත් අතිරේක දිනයක් ලබා දීමට ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ.
වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා හා බංග්ලාදේශ කණ්ඩායම් පුහුණුකරුවන්ද මේ ගැන තම අප්‍රසාදය පළ කර ඇත.
මෙසේ ඉන්දියාවට හා පකිස්තානයට වාසි ගෙන දෙන ලෙස තරගාවලියේ නීති වෙනස් කිරීමට ඉඩ දීම පිළිබඳව ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ලජ්ජා විය යුතු බව බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ මතය වී තිබේ.
මෙමගින් ඔවුන් තම රටේ ක්‍රිකට් කණ්ඩායම් පාවා දී ඇතැයි ඔවුහු චෝදනා කරති.
මේ අනුව අද (09) පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයට වර්ෂාවෙන් බාධා වුවහොත් දෙපිලටම එක් ලකුණ බැගින් හිමි වන අතර අතිරේක දිනයක් හිමි නොවේ.