දිනසේන රතුගමගේ –
යාපනයේ පේදුරුතුඩුවේ ධීවරයෝ උතුරේ දේශපාලනඥයින්ට එරෙහිට අඛණ්ඩ විරෝධතාවයක් ඊයේ (11) පේදුරුතුඩුව ධීවර මධ්‍යස්ථානයේදී ආරම්භ කොට තිබේ.
ඔවුන් කියා සිටින්නේ ඉන්දීය ධීවරයින් තම මුහුදට බලහත්කාරයෙන් පැමිණ මසුන් මැරීමේ කටයුත්ත නතර කිරීමට පළාතේ දේශපාලනඥයින් පියවර නොගන්නා බවයි.
ඉන්දීය ධීවරයින්ට එරෙහිව විරෝධතා දියත් කරනවිට පැමිණෙන පළාතේ දේශපාලනඥයෝ ධීවරයින් සමග සාකච්ඡා කරන නමුත් ප්‍රශ්නයට මුල් වී සිටින ඉන්දීය ධීවරයින් සමග හෝ රජය සමග මේ ප්‍රශ්නය දැඩි ලෙස සාකච්ඡා නොකරන බවද පේදුරුතුඩුවේ ධීවරයෝ කියා සිටිති.
මේ නිසා තම විරෝධය ගැන සාකච්ඡා කිරීමට පැමිණෙන පළාතේ දේශපාලනඥයින්ව පලවා හරින බවත් පලමුව රජයේ බලධාරීන් සමග සාකච්ඡා කොට යම් විසඳුමක් ලබා ගෙන ධීවරයින් හමු වීමට පැමිණෙන ලෙස පේදුරුතුඩුවේ ධීවරයෝ විරෝධතාවය පවත්වන ස්ථානයේ එල්ලා ඇති බැනර්වල ද සදහන් කොට ඇත.