සාධාරණ එන්නත්කරණ ප්‍රතිශතයක් ලබා ගැනීමෙන් අනතුරුව උපකුලපතිවරුන්, සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡා කර විශ්ව විද්‍යාල විවෘත කිරිමට කටයුතු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග සදහන් කරයි.
විශ්ව විද්‍යල සහ මණ්ඩපවලදී සිසුන්ව එන්නත්කරණය ලක් කිරීම අද සිට ක්‍රියාත්මක වූ බවත් එය ලබන සිකුරාදා දක්වා පවත්වාගෙන යන බවත් හෙතෙම පැවසීය.
මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යයන සහ අනධ්‍යයන සියලුම දෙනා ට දෙවන එන්නත් මාත්‍රාව පවා ලබා දී ඇති බවත් පෙන්වා දෙන සභාපතිවරයා විශ්ව විද්‍යාල සිසුන් එන්නත්කරණයට ලක් කිරීමේ අනතුරුව විශ්ව විද්‍යාල විවෘත කළ හැකි වනු ඇතැයි ඔහු පෙන්වාදේ.
මේ හේතුවෙන් තමන් පදිංචි ප්‍රදේශයේ තමාට ආසන්නයේම ඇති විශ්ව විද්‍යාලය වෙත ගොස් තමන්ගේ අනන්‍යථාව සහතික කර එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයිද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.