ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර බලශක්ති සම්බන්ධතා ඇති කිරීම හෝ තෙල් නල එළීම සම්බන්ධව හෝ රට පාවා දුන් කිසිම ආකාරයේ ගිවිසුමකට ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ දී අත්සන් තබා නැති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඒ බව ඇමතිවරයා ප්‍රකාශ කළේ තෙල් නල එලීම, ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතිය ඉන්දියාවට සම්බන්ධ කිරීම, එට්කා ගිවිසුම, ඉන්දීය මුදල් ලංකාව තුළ පරිහරණය වැනි රනිල් වික්‍රමසිංහ විසින් දියත් කළ වැඩසටහනට රබර් මුද්‍රාව තබා පැමිණියේ නම් විපක්ෂයේ සිටියදී ඡන්ද ලබා ගැනීම සඳහා ඇති කළ ඉන්දීය විරෝධය ඉල්ලා අස් කරගන්නා ලෙස කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂණ සූරියප්පේරුම හිතේ ඇති අදහස් අතාර්කිකව මුදා හරින්නේ නැතිව ඉන්දීය අගමැතිවරයා හමුවීමෙන් පසු දෙපාර්ශවය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය කියවන ලෙස නලීන් බණ්ඩාරට උපදෙස් දුන්නේය.
මෙහිදී නැගි සිටි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙසේ පැවසුවේය.
” ඔබ ඔය කියන කිසිම ගිවිසුමකට අප අත්සන් කලේ නෑ. නමුත් අප රටක් ලෙස බලශක්තිය උත්පාදනය කරමින් අතිරික්ත බලශක්තිය බිම්ස්ටේක් කලාපය තුළ අපනයනය කරනවා කියන ප්‍රතිපත්තිය රටට ප්‍රකාශ කළා. ඒක රටට වාසියක්. ඒ වාසිය මත අප තීන්දු අරන් තියනවා. අප බලශක්තිය නිශ්පාදනය කරනවා සහ බිම්ස්ටෙක් ආර්ථික සහයෝගීතාවය අනුව අතිරික්ත බල ශක්තිය
වෙනත් රටවල්වලට අලෙවි කරන්න ගිවිසුම් අත්සන් කරලා තියනවා. ඒ හැරෙන්න රට පාවා දෙන කිසිදු ගිවිසුමක් අත්සන් කරලා නෑ. ”







