දිනසේන රතුගමගේ
ව්‍යාජ ලෙස සකස් කළ ඉන්දියානු ගමන් බලපත්‍ර දෙකකින් යාපනය ගුවන් තොටුපල වෙත පැමිණ රටින් පිටවීමට තැත් කළ කාන්තාවන් දෙදෙනෙකු චෙන්නායි ගුවන් තොටුපලේදී අද (20) අත් අඩංගුවට ගෙන තිබේ.
මේ කාන්තාවන් දෙදෙනාම යාපනයේ පදිංචි දෙදෙනෙකු වන අතර ඔවුන් ව්‍යාජ ලෙස සකසන ලද ඉන්දියානු ගමන් බලපත්‍ර දෙකක් චෙන්නායී ගුවන් තොටුපල නිලධාරීන්ට දී තිබේ.
එම ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බවට හඳුණා ගැනීමෙන් පසුව එම කාන්තාවන් දෙදෙනා චෙන්නායී ගුවන් තොටුපල පොලීසිය වෙත බාර දී ඇත.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







