සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට සූදානම් – සාගර කාරියවසම්…

by editor
ජනවාරි 2, 2023
in පුවත්
Sagara-Kariyawasam

සාගර කාරියවසම්

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතව සිටි සියළු දේශපාලන පක්ෂ සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කෙරෙන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්   පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මෙසේ ද  කිවේය.

“මේ වන විට රටේ අවධානය යොමුවී තිබෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන්. මැතිවරණ කොමිෂන් සභාව මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා නොබෝ දිනකින් මැතිවරණයට අදාල ගැසට් නිවේදනය පළකරන බවට. අපි පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවරත් සන්ධාන ගතව සිටින සියළු පක්ෂ සමග සාකච්ඡා කර තීරණය කර තිබෙනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට.

මැතිවරණයට අදාල ගැසට් නිවේදනය නිකුත්වූවාට පසු අවශ්‍ය ඉදිරි කටයුතු කෙරෙනවා. මෙයට පෙර කටයුතු කළ ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන නාමය යටතේ පොහොට්ටුව ලකුණින් මෙවරත් පළාත් පාලන ඡන්දයට තරඟ කෙරෙනවා. අපි එක්සත් ජාතික පක්ෂය සමගත් යම්තාක් දුරකට සාකච්ඡා කලා. නමුත් මේ වනවිට අපිත් සමග කලින් සන්ධාන ගතවූ පක්ෂ සමඟ හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර අපි තීරණයකට එළඹුනා පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට.

සමහර විට අවස්ථා ඇතිවෙයි ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අපේ අපේක්ෂකයින් සහිතව ඔවුන්ගේ පක්ෂවල ලකුණින් තරඟ කිරීමටත්. කෙසේ නමුත් අති බහුතරයක් පළාත් පාලන ආයතන පොහොට්ටුව ලකුණින් තරඟ කෙරෙනවා.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීමක් පිළිබඳව තවමත් ඍජු තීරණයක් ගෙන නැහැ. දෙපාර්ශවය අතර අදහස් හුවමාරුකරගෙන තිබෙනවා. ඒ හැර මෙතෙක් තීරණයක් ගෙන නැහැ. කෙසේ නමුත් තවමත් සාකච්ඡා අවසන් නැහැ. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අති බහුතරයක් කොට්ඨාස ජයග්‍රහණය කළහැකි බවට අපි විශ්වාස කරනවා.

පක්ෂයක් හැටියට අපි ඉන්ධන හෝ විදුලිබිල වැඩිකර ජනතාවට බර පැටවිය යුතු නැහැ කියන තැන හැමදාම ඉන්නවා. හිටපු බලශක්ති ඇමතිවරයා ඉන්ධන මිල වැඩි කළ අවස්ථාවේදීත් අපි පක්ෂයක් ලෙස විරෝධය පෑවා.

අපි හැම තිස්සෙම දැරූ මතය මිල වැඩි කිරීම ආර්ථිකය මත පටවන්නේ නැතුව ජනතාවට ආර්ථික වශයෙන් නැගිටීමට අවස්ථාව දිය යුතුයි. ඉන් පසුවයි තීරණයක් ගතයුත්තේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් වික්‍රමසිංහ කියන්නෙ අරගලයට ගහන්න අපි පාවිච්කළ බෝම්බයක් වගේ ටූල් එකක් – සනත් නිශාන්ත

Next Post

අධි වසංගත තත්තවයක සලකුණු මැද ඩෙංගු මඩින ධුමායන ක්‍රියාවලිය නවතී…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.