ශ්‍රියානි විජේසිංහ –
දිවයින පුරා ඩෙංගු රෝගය විශාල වශයෙන් වාර්තාවෙමින් පවතින මොහොතක වයිරස් ආසාදිත මදුරුවන් මර්ධනයට ඇති හොදම විකල්පය අවකාශය ධුමායනය කිරීම නමුත් මේ වන විට රසායනික ද්‍රව්‍යවල උග්‍ර හිඟයක් පවතින බැවින් ධුමායන කටයුතු අඩපණව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ධුමායන කටයුතු මුලුමනින්ම ඇනහිට ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුටත් හෙළි කරයි.
මේ අතර ධුමායනය සඳහා රසායනික ද්‍රව්‍ය සමග ඩීසල් භාවිත කළ යුතු වුවද යන්ත්‍රවලට QR කේතයක් ලබා දී නොමැති බැවින් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඩෙංගු අධි වසංගතයක් පවතින මෙවන් වකවානුවක මදුරු මර්ධන කටයුතු මෙසේ අඩාල වීම වසංගතය තව තවත් දරුණු වීමට හේතුවක් විය හැකි බව එම ප්‍රකාශකයා පැවසුවේය.
පලාත් පාලන ආයතනවල ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදනයන් නොමැති වීම හේතුවෙන් ද ධුමායන කටයුතු මේ වන විට අඩාල වී ඇතැයිද සදහන්වේ.