අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරියේදී මහ බැංකුව දේශපාලන ග්‍රහණයෙන් මිදෙන හැටි ගැන අධිපති කියයි

by Lankasara News
මාර්තු 18, 2023
in පුවත්
Dr. Nandalal Weerasinghe
Share on FacebookShare on Twitter

මහ බැංකුව ස්වාධීන කිරීමේ එක් පියවරක් ලෙස දැනට කෙටුම්පත් වී ඇති නව මහ බැංකු පනතින් මෙතෙක් පැවති මුදල් මණ්ඩලය වෙනුවට පාර්ලමේන්තුව සහ ව්‍යවස්ථාදායක සභාව මඟින් පත් කෙරෙන පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ලෙස නව මණ්ඩල දෙකක් ඇති වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි. දැනට මුදල් මණ්ඩලයේ නිල වශයෙන් සාමාජිකත්වය දරන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යෝජිත නව පනත අනුව ඉන් ඉවත් කොට නව සාමාජිකයන් 11 දෙනකුගෙනක් යුතු මණ්ඩලයක් පිලිබඳව යෝජනා වී ඇතැයිද එහිදී හෙතෙම පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ රාජගිරිය මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවැති “ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතේ සුවිශේෂ කරුණු” මැයෙන් පැවති දේශනයකට සහභාගි වෙමිනි.

මුදල් මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමේදී මුදල් ඇමැතිවරයාගේ නිර්දේශය මත සිදු කළ ක්‍රියාවලිය වෙනුවට සුදුසුකම් ලත් මූල්‍ය‍, තාක්ෂණ, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් සහ කුසලතාවන්ගෙන් පිරි සාමාජිකයන් පත් කිරීමට පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථාදායක සභාවට හැකි වන ලෙස බලතල පුළුල් කොට ඇති අකාරයද ඔහු එහිදී පෙනවා දුන් අතර මෙයින් ශි ්‍රලංකා මහ බැංකුව ස්වාධීන වූත් වඩාත් ශකතිමත් වූ ආයතනයක් බවට පත්වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් සිහිපත් කළ මහ බැංකු අධිපතිවරයා මිල ස්ථායිතාව සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව ඇති කිරීම ඒවා බව කීය. එහෙත් ඉතිහාසය පුරා සැලකිය යුතු ලෙස මේ අරමුණු ජය ගැනීමට නොහැකි වී තිබීම නිසා නව බැංකු පනත හරහා පෙරදාටත් වඩා ආර්ථික සහ මිල ස්ථායිතාව මෙන්ම මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව වඩාත් ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සඳහා නව බැංකු පනත ඉදිරිපත් කොට ඇතැයි මහ බැංකු අධිපතිවරයා පැවසීය.

ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව නම්‍යශීලි උද්ධමන ඉලක්ක කරන වැඩපිළිවෙළකට අනුව යමින් උද්ධමනය පාලනය කිරීම, විදේශ විනිමය අනුපාතික වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම අනුව සිදු කිරීමට ඉඩ දීම ස්වාධීන මහ බැංකුවක කාර්යභාරයයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී නව බැංකු පනත මඟින් මහ බැංකුව දේශපාලනකරණයට ලක් වන්නේ දැයි මේ අවස්ථාවට එක් වූ අයකු නැඟූ පැනයකට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා, එවැන්නක් මීට පෙර සිදුව තිබෙන්නට ඇති මුත් නව පනත මඟින් එවැන්නක් සිදුවීමට තිබෙන ඉඩකඩ අසුරා ඇති බව සඳහන් කළේය.එසේම නව පනත පනත මඟින් අධිරාජ්‍යවාදීන්ගේ, බටහිර බලවේගයන්ගේ බලපෑමට හා යටත්වීම්වලට මහ බැංකුව ලක්වන බවට නඟන චෝදනාව මහ බැංකු අධිපතිවරයා සම්පූර්ණයෙන්ම බැහැර කරන බවද පැවසීය.

“ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය හසුරුවනවා. නමුත් රටේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හසුරුවන්නේ මුදල් අමාත්‍යාංශයයි. මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය එකිනෙකට වෙනස් කරුණු දෙකක්. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනු බදු ගෙවන්නන්ගේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රතිපත්ති මාලාවයි. රජය එය සිදුකළ යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. අපේ රටේ තැන්පත්කරුවන්ගේ මුදල් ඇතුළු අනෙකුත් සියලු මුදල් කටයුතු ගැන වග වීම සහ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියට අනුව සිදු විය යුතුයි. එය සිදු කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවට කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් වෙනයම් බලපෑමක් සිදු නොවිය යුතුයි. එවැනි දෙයක් සිදු කිරීම සඳහායි නව බැංකු පනත තිබෙන්නේ“ යැයි මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ඕස්ට්‍රේලියා සම්බන්ධතා තරවෙයි

Next Post

“ජලයට වඩා ලේ ඝනකම්- ලංකාවට උදව් කළේ ඒකයි “ ඉන්දීය විදේශ ඇමති කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.