අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගන් තලේබාන්වරුන්ට යුරෝපා සංචාරයේදී බටහිර සහයත් හිමිවෙයි

by Lanka Sara Editor
ජනවාරි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථාන පාලනයේ සිටින තලේබාන් දූත පිරිසක් යුරෝපයේ සුවිශේෂී සංචාරයක යෙදී සිටී. ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් වැඩිදියුණු කිරීම සඳහා මානුෂීය ආධාර ඔස්සේ සම්බන්ධ වීම සඳහා නෝර්වේහිදී බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින් ඔවුන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ බලය ලබාගැනීමෙන් පසු යුරෝපයේ පළමු නිල සංචාරයේ නිරත වූ තලේබාන් සංවිධානය, සංචාරයේ අවසන් දිනයේ දී ජාත්‍යන්තර පිළිගැනීමක් සහ මූල්‍ය ආධාර ඉල්ලා බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමඟ ඔස්ලෝහිදී සාකච්ඡා පැවැත්වීය.

ඇෆ්ගනිස්ථානයේ යුරෝපීය සංගමයේ විශේෂ නියෝජිත තෝමස් නික්ලසන් ට්විටර් හි සටහනක ලියා ඇත්තේ ‘අධ්‍යාපන වර්ෂය මාර්තු මාසයේ ආරම්භ වන විට රට පුරා සිටින පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් සඳහා ප්‍රාථමික හා ද්විතීයික පාසල් සඳහා ප්‍රවේශ විය හැකි බවට’ ඔවුන් අවධාරණය කර ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ඇෆ්ගන් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු විසින් ‘ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර දිගටම ලබාදීමට’ යුරෝපා සංගමයේ කැපවීම ප්‍රශංසා කරන ලද ට්විටර් පණිවුඩයකට ප්‍රතිචාර දක්වමිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇෆ්ගන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකිගේ නායකත්වයෙන් යුත් තලේබාන් දූත පිරිස ප්‍රංශ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි බර්ට්‍රන්ඩ් ලොතොලරි, බ්‍රිතාන්‍යයේ විශේෂ නියෝජිත නයිජල් කේසි සහ නෝර්වේ විදේශ අමාත්‍යාංශයේ සාමාජිකයින් ද හමුවිය.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී නෝර්වීජියානු අගමැති ජොනස් ගාර් ස්ටෝර් පැවසුවේ මෙම සාකච්ඡා ‘බැරෑරුම්’ සහ ‘අව්‍යාජ’ ඒවා වූ බව පෙනී ගිය බවයි. “අපට මාර්තු මාසයේදී ගැහැණු ළමයින් නැවත පාසලට පැමිණෙනු දැකීමට අවශ්‍ය බව අපි පැහැදිලි කළෙමු. එසේම 12 ට වැඩි දරුවන් ද පාසල් යනු දැකීමට අවශ්‍යයි. අපට මානුෂීය ප්‍රවේශය දැකීමට අවශ්‍යයි” යැයි ද ඔහු පවසා තිබේ.

ජාත්‍යන්තර පිළිගැනීම සඳහා පියවරක් ලෙස මෙම සතියේ සාකච්ඡා ඔස්ලෝ අසල හෝටලයක පැවැත්වුණු මෙම සාකච්ඡා තලේබාන් සංවිධානය අගය කර ඇත.

තලේබාන් විදේශ අමාත්‍යවරයා සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ මෙසේ පැවසීය: ‘නෝර්වේ අපට මෙම අවස්ථාව ලබා දීමම ජයග්‍රහණයක් වන්නේ මෙමගින් අපි ලෝකය සමඟ එකට හිටගත් නිසයි. “මෙම රැස්වීම්වලින් අපි ඇෆ්ගනිස්ථානයේ මානුෂීය, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා සහයෝගය ලබා ගැනීමට හැකි වු බව විශ්වාසයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔස්ලෝ හි පැවති රැස්වීමෙන් බොහෝ දෙනෙකුට හිසරදයක් වී ඇති බව තමා දන්නා නමුත් එය ‘මානුෂීය ව්‍යසනය’ වළක්වා ගැනීමේ පළමු පියවර බව නෝර්වේජියානු අගමැති පැවසීය. ‘විකල්පයක් ඇත්නම් ඒ ඇෆ්ගනිස්තානය හැර යාමයි… එය කුසගින්නෙන් පෙළෙන දරුවන් මිලියනයක් අතහැර දැමීමක්… විකල්පයක් නෑ. ලෝකය යන අතට යන්න අපිට සිද්ධ වෙනවා.’

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 20ක් හිඟයි… විදුලිය පිරිමහගන්න – විදුලිබල ඇමති!

Next Post

පොලිස් ප්‍රහාරයෙන් මියගිය විරෝධතාකරුවන් වෙනුවෙන් පාකිස්ථාන MQM-P ව්‍යාපාරයෙන් ‘කළු දිනයක්’

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.