සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇහැලේපොළ වලව්වේ ඉටි රූ කෞතුකාගාරය විවෘත කිරීම හෙවත් දියවඩන නිලමේ ගේ ඡන්ද ව්‍යාපාරයේ තවත් අදියරක් අදින් අවසන්!

by editor
ජූලි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඇහැලේපොල වලව්වේ නිර්මාණය වු ඉටි රූ කෞතුකාරය විවෘත කිරීමට අදාල දින 04 ක උත්කර්ෂවත් උත්සවය අවසන්ය. ඒ අද මධ්‍යම රාත්‍රියෙනි.

පසුගිය 17 වැනිදා ජනාධිපතිවරයා පැමිණ මෙම කෞතුගාරය විවෘත කළ දා සිට පැවති උත්සව මාලාවේ යටි පෙළ වූයේ සැප්තැම්බරයේ පැවැත්වෙන දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා තේරීමේ ඡන්දයට වත්මන් දියවඩන නිලමේවරයා සූදානම් කිරීමය.

වර්ෂ 2005 සිට වසර විස්සක් ආවරණය කරන ධූර කාල දෙකකින් පසු තුන්වන ධූර කාලයටත් ඔහුව පත්කරගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වූ බව එම අවස්ථාවට සහභාගී වූ අත්දැකීමෙන් සහතිකර කරගතිමි.

මින් පෙර පුරා දින 10ක ඡන්ද ව්‍යාපාරයකට දියවඩන නිලමේවරයාට අවස්ථාව සැලසිනි. ඒ දළදා ප්‍රදර්ශනයට සමගාමීවය. රජයේ නිර්දේශ පසෙක දමා ප්‍රභූ පෝලිම් සදමින් දියවඩන නිලමේවරයා තමන්ට දියවඩන නිලමේවරයා ලෙස පත්වීම සඳහා ඡන්දය ලබා දීමට සුදුසුකම් ඇති නිලමක්කාරයින්ගේ ඥාති මිත්‍රාදීන් සහිත පරිවරට දළදා වැන්දවූ ආකාරය සම්බන්ධව එවකට මාධ්‍යවල පල විය. ඔවුන්ට අදාල සියලු සංග්‍රහයන් ද ලබාදීමෙන් පසු වීඅයිපී පෝලිම්වල දළදා වැන්දවූ බව කියැවිනි.

එම ව්‍යාපෘතියේ උත්කර්ෂවත් දෙවැනි අදියර ඉටි රූ කෞතුකාගාරය විවෘත කිරීමට සමගාමීව වූ උත්සව මාලාවය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

17 වැනිදා පස්වරුවේ දී ජනාධිපතිවරයා ඉටි රූ කෞතුකාගාරය විවෘත කළේය. 18 වැනිදා මුළු දිනයම වෙන් කර තිබුණෙ සිංහල දෙමළ සහ මුස්ලිම් සමස්ථ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙනි. එදිනම සවස මහනුවර මාධ්‍යවේදීන් ගෙන්වා තිබිණි. 19 වැනිදා පැමිණියේ ලංකාවේම දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිවයිනේ පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රජාවය. අද (20) හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, හිමිකරුවන්, සහිත හොටල් ව්‍යාපාරික ප්‍රජාවත්, අද හවස්වරුවේ රටේ සියලුම මාධ්‍ය ආයතනවල හිමිකරුවන් සහ මාධ්‍ය ප්‍රධානීන්ද ගෙන්වා තිබිණි. මීට අමතරව ඊයේ සහ අද ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු දේශපාලන නායකයින් ද ඉටි රූ කෞතුකාගාරය නැරඹීමට පැමිණියහ.

මෙම කෞතුකාගාරය නරඹන පිරිස ඉන් පසු රැගෙන යනු ලබන්නේ රජ බොජුන් පිළිබඳ අදහසක් ගෙන එන කිංස් කෝට් අවන්හලටය. එතැන ආහාර සපයන්නේ ද සම්ප්‍රදායික ක්‍රමයට. එක් අයෙක් ආහාර වේලක් ගැනීමට සැලකිය යුතු කාලයක් මිඩංගු කළ යුතුය. ඒ කාලය අතර තුර දෙපසවන පටු බිත්තිවල ප්‍රක්ෂේපනය කර ඇත්තේ දියවඩන නිලමේවරයාගේ වසර 20 මහා ජාතික මෙහෙවර පිළිබඳ විඩියෝ රැසකි. ආහාර ගැනීමට සලස්වන්නේ දියවඩන නිලමේවරයාගේ ජාතික මෙහෙවර ගැන ද පෙන්වා දෙමිනි.

කෙසේ වෙතත් දියවඩන නිලමේ නිලංග දෑල සිය තුන්වැනි ධූර කාලය ලබා ගැනීම සඳහා මේ ඡන්දයේ දී දැනට ප්‍රමුඛයා ලෙස සිටී. එම අවස්ථාව ඔහුට ලැබුණහොත් සුද්දන් විසින් දළදාවේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේට පැවරීමෙන් පසු වසර 30ක එම රාජකාරිය කළ පළමුවැන්නා වනු ඇත්තේ ඔහුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත් කරයි!

Next Post

මහනුවර රූප ලාවන්‍යාගාරයක් තුළ සිහි මුර්ජාවි බිම වැටී සිටි 06ක් හමුවෙයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.