මහනුවර ජනාධිපති මැදුරට යාබදව ඇති ඇහැලේපොල වලව්ව ප්‍රතිසංස්කරණය කොට දෙස් විදෙස් සංචාරකයන් සඳහා නවාතැන්පොලක් තැනීමේ කාර්යය මේ වන විට සිදු කෙරෙමින් තිබෙන බව දැනගන්නට තිබේ.
මේ සදහා පාර්ශව කිහිපයක් යෝජනා ගෙනවිත් ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට මෙහි සැලසුම් සකස්කරමින් සිටින බවද දැනගන්නට ඇත.
ඒ අනුව මෙහි ඇති කාමර හතලිහකට ආසන්න ගොඩනැගිල්ල නවීකරණය කිරිමේ කටයුතු දැන් සිදුවෙමින් තිබේ. ඉදිරි පස අංගනයේ අපනයන සදහා සුදුසු තත්ත්වයේ දේශීය නිෂ්පාදන සහිත භාණ්ඩ අලෙවි සැල් කිහිපයක් ඇති කිරිමට යෝජනා වී තිබෙන බවද දැනගන්නට ලැබේ. මේ සඳහා මේ වන විටත් මැටි කර්මාන්තයේ නියුතුව සිටින කර්මාන්තකරුවන්ගෙන් භාණ්ඩ ඉල්ලා ඇති අතර නිමකර ඇති භාණ්ඩ සම්බන්ධයෙන් පරික්ෂාවක්ද සිදුකොට ඇත.
එම භාණ්ඩ අතරට අත්කම් රෙදි , ලී කැටයම් සහිත විවිධ නිෂ්පාදන , මැටි පහන්, හඳුන්කූරු රඳවන බන්දේසි ඇතුළු විවිධ විසිතුරු භාණ්ඩ ඇතුළත්ය.
මෙයට අමතරව පිළිගත් හෝටලයක උදව්වෙන් ආපන ශාලාවක් පවත්වාගෙන යාමේ සැලසුමක් ද තිබේ. සුඛෝපභෝගී සුවපහසුකම්වලින් අනුන කාමර සහිතව මෙම ගොඩනැගිල්ල දෙස් විදෙස් සංචාරකයන් සදහා නිමවන බවට තොරතුරු ලැබී තිබේ.
නුවර කොළඹ අධිවේගි මාර්ගය නිමවන විට මහනුවර ට පැමිණෙන අතිමහත් ජනකායක අපේක්ෂාවෙන් නාගරික සංවර්ධන අධිකාරිය , මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු නගර සංවර්ධනය සඳහා කැපවන ආයතන මේ වන විට නගරයේ ඉපැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරමින් සිටී.
මෙම ව්‍යාපෘතිය සදහා දේශිය ආයෝජකයින් කිහිපදෙනකුම අවධානය යොමු කර සිටින බවද දැනගන්නට ඇත. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉකුත් විසිහත්වැනි දින පැවැති රැස්වීමට දියවඩන නිළමේවරයා ද සහභාගිව සිටි බව දැන ගන්නට තිබේ.