ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීමට අද සිට ක්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථාන 77ක් අතුරින් විහාරමහා දේවි උද්‍යානයේ ක්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24ම ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා යුධ හමුදාව පවසයි. ඊට අමතර ව යුධ හමුදාව නාරාහේන්පිට යුධ හමුදා රෝහල, බොරලැස්ගමුව කොතලාවල ආරක්ෂක රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය, ශ්‍රි ජයවර්ධනපුර දියත උද්‍යානය යන ස්ථානවල ක්‍රියාත්මක කෙරෙන අතර ඒවා පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතය.
මීට අමතර ව ශ්‍රි ලංකා ගුවන් හමුදාව සහ කොළඹ මහ නගර සභාව එක්ව ක්‍රියාත්මක කරන එන්නත්කරණ මධ්‍යස්ථාන බී.එම්.අයි.සී.එච්, මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණය, ග්‍රෑන්ඩ්පාස් සුගතදාස ක්‍රීඩාංගණය යන ස්ථානවල ක්‍රියාත්මක වෙයි.
මීට අමතරව මොරටුව දිස්ත්‍රික් රෝහල, අතුරුගිරිය දිස්ත්‍රික් රෝහල, නවගමුව දිස්ත්‍රික් රෝහල, පිළියන්දල දිස්ත්‍රික් රෝහල, කහතුඩුව දිස්ත්‍රික් රෝහල වෑතර, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල, හෝමාගම මූලික රෝහල, කොස්ගම දිස්ත්‍රික් රෝහල, තලංගම මූලික රෝහල, පාදුක්ක දිස්ත්‍රික් රෝහල යන රෝහල්වල ද ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇත. මෙම මධ්‍යස්ථාන පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා ක්‍රියාත්මකය.
සෙසු මධ්‍යස්ථාන මෙන්න.