ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ලක්ෂ 10ක මාත්‍රා ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
මේ අනුව පළමු මාත්‍රාවලබා දුන් ලක්ෂ 6ක ප්‍රමාණයකට දෙවන මාත්‍රාව ලබා දීම සඳහා සහ වයස අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්ට ලබා දීමට මෙම එන්නත් ලක්ෂ 10ක තොගයක් අවශ්‍යව ඇති බැවින් එය ලබා දීමට පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් ඇත්නම් ඉදිරිපත්විය හැකි යැයි රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කීවාය.
ඇස්ට්‍රාසෙනිකා එන්නත රාජ්‍ය මට්ටමින් ලබා ගැනීමට මේ දක්වා කර තිබෙන උත්සාහන්ගේ ප්‍රතිපලයන් තවමත් ප්‍රමාද බැවින් මෙම එන්නත වහාම මෙරටට ගෙන්වාගෙන ජනතාවට ලබාදීම ඉතාමත් අත්‍යවශ්‍ය වි ඇති නිසා මේ සදහා පෞද්ගලික අංශයෙන් හෝ දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව ඇය සදහන් කළාය.
බස්නාහිර පලාතේ සිදුකරන එන්නත්කරණ වැඩ සටහන් ඇයගේ අධීක්ෂණයට නිරන්තරයෙන්ම ලක්වෙන බවද සඳහන්වේ.