අඟහරු මත ෂූරොන්ග් අභ්‍යවකාශ යානය සාර්ථකව ගොඩබස්වා ඇති බව චීනය නිවේදනය කළේය.
රෝද හයේ ෂුරොන්ග් රෝවරය ඉලක්ක කළේ පෘථිවියේ උතුරු අර්ධගෝලයේ විශාල භූමි ප්‍රදේශයක් වන utopia planitia වෙත ගොඩ බැසීමට ය.
අඟහරු ග්‍රහයා මත දී ඒ ගොඩබැසීමට ආරක්ෂිත කැප්සියුලයක්, පැරෂුටයක් සහ රොකට් වේදිකාවක් භාවිතා කර තිබේ.
මෙම කර්තව්‍යයේ දුෂ්කර ස්වභාවය අනුව මෙම සාර්ථක ගොඩබැස්වීම විශිෂ්ට ජයග්‍රහණයක් බව චීනය කියයි.
මේ අනුව ඇමරිකාවෙන් පසු අඟහරු ග්‍රහයා මත ගොඩ බැසීමට හැකි වූ දෙවැනි රට වන්නේ චීනයයි.
අඟහරු ග්‍රහයා මත ගොඩබැසීමට උත්සාහ කර ඇති අනෙකුත් සියලුම රටවල අභ්‍යවකාශය යානා ග්‍රහයා මතුපිටට ළඟා වූ විගසම බිඳ වැටී හෝ සම්බන්ධතා නැති වී හෝ විනාශ වී ගියේය.
චීන ජනාධිපති ෂී ජින් පිං විශේෂ පණිවුඩයක් මගින් මෙම මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනාට “විශිෂ්ට ජයග්‍රහණය” පිළිබඳව සුබ පැතුම් එක් කළේය.
“ඔබ අභියෝගයට ධෛර්ය සම්පන්නව, විශිෂ්ටත්වය පසුපස හඹා ගොස් අපේ රට ග්‍රහලෝක ගවේෂණයේ උසස් තැනකට ගෙන ආවා” ඔහු පැවසීය.
එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියේ (නාසා) විද්‍යා අංශ ප්‍රධානී තෝමස් සර්බුචෙන් ද තමාගේම සුබ පැතුම් එක් කර තිබේ.
“රතු ග්‍රහලෝකය පිළිබඳ මානව වර්ගයාගේ අවබෝධය සඳහා මෙම මෙහෙවරට ගෝලීය විද්‍යා ප්‍රජාව සමඟ එක්ව දායකත්වය දැක්වීම මම වැදගත් කොට සලකමි” ඔහු පැවසීය.