ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් සිදු කරන අරගලයට සහ පළ කරන ඇමෙරිකාවේ ශ්‍රි ලාංකිකයන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ ජීවත් වූ ලොස් ඇන්ජලිස් හි ප්‍රදේශයක් “ගෝඨා එන ගම“ ලෙසින් නාම පුවරුවක් ප්‍රදර්ශනය කර ඇත.
මෙම නාම පුවරුව සහිත ඡායාරූපය ලොස් ඇන්ජලීස් හි වෙසෙන ශ්‍රි ලාංකිකයකු විසින් සමාජ මාධ්‍යවලට එක් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කලක් ඇමෙරිකාවේ ජීවත් වූ අතර ඔහු ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි ජීවත් වඇත.
පසුගියදා ඔහු ජීවත් වූ පුදේශයේ ශ්‍රී ලාංකිකයින් ගෝඨාභය රාජපක්සට සිය ධුරයෙන් ඉවත්ව ආපසු ගමේ එන ලෙසට ඉල්ලමින් උද්ගෝෂණය කළහ.
මේ අතර තවත් පිරිසක් ජනාධිපතිවරයාගේ පුතා ජීවත් වන නිවස අසලද විරෝධතාවක් ගෙන ගියේ ඔහුට තාත්තා ගෙන්වා ගන්නට බැරිනම් දුවට කියා හෝ සීයා ගෙන්නා ගන්නා ලෙස කියමිනි.







