බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්… මගීන් 60ක් සහිත යානයක් හමුදා හෙළිකොප්ටරයක් සමග ගුවනේ දී ගැටෙයි!

by editor
ජනවාරි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකානු ගුවන් සේවයේ කලාපීය මගී ජෙට් යානයක් සහ එක්සත් ජනපද හමුදා බ්ලැක් හෝක් හෙලිකොප්ටරයක්  ඊයේ (29)  රාත්‍රියේ ​​ගුවනේදී ගැටීමෙන් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළට නුදුරු පොටෝමැක් ගඟට කඩා වැටී බරපතල අනතුරක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත පැවසුවේ මළ සිරුරු කිහිපයක් ජලයෙන් ඉවත් කර ඇති බවය.   පොටෝමැක් ගඟෙන් තුවාලකරුවන් සිවු දෙනෙක් ගොඩගෙන රෝහල්ගත කර ඇති බව .එන්බීසී  කීවේය.

ටෙක්සාස්හි සෙනෙට් සභික ටෙඩ් කෲස් සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ “මරණ සංඛ්‍යාව අපි දනිමු” ලෙසය. නමුත් ඔහු කොපමණ සංඛ්‍යාවක් දැයි සඳහන් කළේ නැත.

ඇමරිකානු ගුවන් සේවයේ මූලාශ්‍රයක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සිටි බවය. හෙලිකොප්ටරයේ සොල්දාදුවන් තිදෙනෙකු සිටි බව එක්සත් ජනපද නිලධාරියෙක් පැවසීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

2009 පෙබරවාරි මාසයේ සිට එක්සත් ජනපදයේ මාරාන්තික මගී ගුවන් අනතුරක් සිදුවී නොමැති නමුත් මෑත වසරවල සිදු වූ අතපසු වීම් මාලාවක් බරපතල ආරක්ෂක ගැටලු මතු කර ඇතැයි විදෙස් ප්‍රවෘත්ති ඒජන්සි පවසයි.

වොෂින්ටනයේ කෙනඩි මධ්‍යස්ථානයෙන් ලබාගත් වෙබ් කැමරාවකින් පොටෝමැක් ගඟ ආසන්නයේ ගුවනේදී පිපිරීමක් පෙන්නුම් කරන ආකාරය ය. ගිනිගෙන ඇති ගුවන් යානයක් වේගයෙන් කඩා වැටෙන බව ඉන් පෙන්වා ඇත.

රේගන් වොෂිටන් ගුවන්තොටුපල වෙත ළඟා වෙමින් සිටියදී PSA ගුවන් සේවයේ කලාපීය ජෙට් යානයක් හෙලිකොප්ටරය සමඟ ගුවනේදී ගැටුණු බව එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසීය.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයට අනුව, කැන්සාස් හි විචිටා සිට පිටත් වූ ඇමරිකානු ගුවන් සේවයේ PSA 5342 ගුවන් යානය රේගන් ගුවන් තොටුපලට පැමිණීමට නියමිතව තිබී ඇත.

මේ අතර ගුවන් තොටුපළට මායිම්ව ඇති පොටොමැක් ගඟේ සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආයතන රැසක් සම්බන්ධ වී ක්‍රියාත්මක වෙමින් පැවති බව පොලිසිය පවසා තිබේ.

පොලිස් ගිලන් රථ,  බෝට්ටු, කුඩා නැව් සහිත ගලවා ගැනීමේ ඒකක දුසිම් ගණනක් ගලවාගැනීමෙ මෙහෙයුම්හි දියත්වන ආකාරය රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ගුවන් යානා අනතුරකට හදිසි සේවකයින් ප්‍රතිචාර දැක්වීම නිසා සියලුම ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් නතර කර තිබේ.

ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පැවසුවේ සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු රැස් කරමින් සිටින බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පන්න පන්නා වෙඩි තැබීමට හැදුවත් ගිනි අවිය පත්තු වී නෑ… කොන්ත්‍රාත්තුව ගත් කුලී ඝාතකයෝ ගිනි අවියත් විසිකර පලා යති!

Next Post

දේශපාලනයේ වැඩි කල් ඉන්නේ නෑ… ඉන්නතුරු කෙළින් ඉන්නවා… අර්චුනා ඇප අරන් ඇවිත් කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.