එක්සත් ජාතීන්ගේ 2021 දේශගුණික විපර්යාස සමුළුවේ පූර්ව කෘෂි කාර්මික වැඩමුළුවේදි අදහස් දැක්වීමට කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාලව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වී සිටින ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ට එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරාධනා කර තිබේ.
පසුගිය වසර හතක කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගි වුවද අදහස් දැක්වීම සඳහා ආරාධනයක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය බව මහාචාර්ය මාරඹේ ලංකසර ට කීවේය.
එම සමුලුවේ දී ඔක්තෝබර් මස 28 ,29 සහ 30 යන තෙදින තුළ කෘෂිකර්මාන්තය සම්බන්ධ වැඩමුළු පැවැත්වෙන අතර අද (28) එම වැඩමුළුවේ දී ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ආරාධිත දේශනය පැවැත්වීමට නියමිතය.
වැඩමුළුවෙන් අනතුරුව නොවැම්බර් පළමු වෙනි දින සිට නොවැම්බර් දොළොස්වෙනි දින දක්වා සමුළුව පැවැත්වේ.
ගෝලීය දේශගුණික සමුළු ව ලෙස 1992 වසරේ ආරම්භ කෙරුණු එම සමුළුව conference of parties හෙවත් පාර්ශවයන්ගේ සම්මේලනය ලෙස හඳුන්වනු ලබයි. මෙම වසරේ එය පවත්වනු ලබන්නේ 26 වැනි වතාවට වන හෙයින් COP 26 ලෙස නම් කොට තිබේ. ස්කොට්ලන්තය ග්ලාස් ගොවි හි මෙවර පවත්වනු ලබන සම්මේලනය සඳහා රටවල් 194ක් සහභාගිවීමට නියමිතය.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර හතක් පුරා ඊට සහභාගි වී ඇත්තේ ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ය.
සමුළුව නියෝජනය සඳහා ඔහු තෝරා පත්කොට ගෙන ඇත්තේ පරිසර අමාත්‍යංශය මගින් බවත් කෘෂිකාර්මික වැඩමුළුව සඳහාවන මෙවර ආරාධිත දේශනයේදී ” ” තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොදවා ඇත්තේ කෙසේද ..”යන්න සම්බන්ධයෙන් තමා කරුණු දක්වන බවත් ලංකසර කළ විමසීමකදී මහාචාර්යවරයා කියා සිටියේ ය.