සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති නාමල්ගේ මාමණ්ඩිත් ආණ්ඩුව ගේන  අලුත් සංචාරක පනතට විරුද්ධයි!

by editor
අප්‍රේල් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජය විසින් නුදුරේදී ගෙන එන්නට උත්සාහ දරන නව සංචාරක පනතට මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික සංවිධාන සහ නායකයන් රැසක් විරෝධය පළ කර ඇති අතර මෙම විරෝධය පළ කරන ප්‍රමුඛයන් අතර රජයේ ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහද සිටීම විශේෂත්වයකි.

ඔහු මේ වනවිට අභ්‍යන්තර සංචාරක මෙහෙයවන්නන්ගේ සංගමයේ සභාපතිවරයා වන අතර මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක ව්‍යාපාරිකයෙකි. එම සංගමය සහ මෙරට තවත් ප්‍රමුඛතම සංචාරක සේවා ව්‍යාපාර සංවිධානය වන සමස්ත ලංකා හෝටල් හිමියන්ගේ සංගමය එක්ව ප්‍රකාශ කළේ දැනට කෙටුම්පත් කෙරී ඇති නව සංචාරක පනත විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පසුගියදා මෙම නව පනත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත්  කර ලද  අතර මෙම නව පතතින් දැනට වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වන සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රි ලංකා සම්මන්ත්‍රණ කාර්යංශය යන ආයතන ත්‍රිත්වය එකම ආයතනයක් බවට පත් කිරීමට ද යෝජනා වී ඇත.

මේ ආයතන ත්‍රිත්වයම එක් කොට ශ්‍රි ලංකා සංචාරක අධිකාරිය නම් ආයනයක් නිර්මාණය කිරීමට නව පනත හරහා යෝජනා වී තිබේ. පසුගිය වසරේදී අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2021 අයවැය යෝජනාවලට අනුකුලව මෙම ක්‍රියා පිළිවෙත සකස් කොට තිබුණද මෙම ප්‍රධාන පෙළේ  සංචාරක ව්‍යාපාර නියෝජිත සංවිධාන අවධාරණය කරන්නේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව හදිසියේ මෙම පනත වෙනස් කිරීමන් කිසිදු  ප්‍රතිඵලයක් නොලැබෙනු ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ගේ පියා වන  ශ්‍රි ලංකා අභ්‍යන්තර සංචාර  මෙහෙයවන්නන්ගේ සංගමයේ සභාපති තිලක් වීරසිංහ  පවසන්නේ  කොවිඩ් වසංගතය පැමිණෙන්නට පෙර මෙරට සංචාරක සංවර්ධනයේ සිදුවූ ප්‍රගතියට මෙරට පෞද්ගලික අංශය විශාල දායකත්වයක් ලබා දුන්  බවය. මෙම දායකත්වය ලබා දීමේදී දැනට පවතින සංචාරක පනත වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් පැන නොනැගි බව ඔහු සඳහන් කළේය. ඒ අනුව ඔහු පැවසූයේ අපට දැනට පවතින අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය කටයුතු පවතින ආයතන රාමුව තුළින් ම ලබා ගෙන වර්ත මානයේ පවතින අභියෝගවලින් ගොඩ ඒම වඩාත් සුදුසු පියවර වන බවය.

මෙම මාධ්‍ය හමුවේදී මෙම පනත ගෙන ඒමට මූලිකව ක්‍රියා කරන සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු   ද දෝෂ දර්ශනයට ලක් කිරීමට සංචාරක ව්‍යාපාර නියෝජිතයෝ  ක්‍රියා කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උම්බලකඩ පෙන්නා කුඩු විකිණූ වත්තල කෝටිපති මුදලාලි දැලේ…

Next Post

වස පොල්තෙල් කොටසක් ප්‍රති අපනයනය කෙරේ… කන්ටේනර් හයක් නැවත මැලේසියාවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.