බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇප තැබූ අපේක්ෂකයෙක් නාම යෝජනා භාර නොදෙයි… මුලු විරෝධතා ගණන 3යි… ජනක රත්නායකට විරෝධතා 02යි… විරෝධතා ප්‍රතික්ෂේපයි! අපේක්ෂකයො 39 යි…

by editor
අගෝස්තු 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter


මෙවර ජනාධිපතිවරණය සඳහා අපේෂකයින් 40 දෙනෙකුගේ ඇප මුදල් භාර ගත් නමුත් නාමයෝජනා පත්‍ර භාර දී තිබුනේ ඇප මුදල් තැන්පත් කළ 40 දෙනා අතුරින් 39ක් පමණක් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

නාමයෝජනා පත්‍ර භාරගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කළේ

පිළිගත් දේශපාලන පක්ෂ 22ක් වෙනත් යම් දේශපාලන පක්ෂ 01ක්, ඡන්ද හිමියන් යෝජනා කරන ලද අපේක්ෂකයින් 16ක් සහිත ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 39 දෙනෙක් අද (15) දින පෙරවරු 09 සිට පෙරවරු 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත නාම යෝජනා භාර දුන් බවය භාර දෙන ලදී.

ඊයේ දිනයේ දී අවසන් පුද්ගලයා ලෙස ඇප තැන්පත් කළ ඡන්ද හිමියෙක් විසින් යෝජනා කළ අපෙක්ෂකයෙක් වූ සරත් කුමාර ගුණරත්න නැමැති අය අද නාමයෝජනා භාර දීමට මැතිවරණ කොමිසමට පැමිණියේ නැත.

පනතේ 14 වැනි වගන්තිය අනුව පෙරවරු 09 සිට පෙරවරු 11 . 30 දක්වා ලබා දුන් විරෝධතා කාල පරිච්ඡේදය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත විරෝධතා 03ක් ඉදිරිපත් වී තිබිණි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

භාරගන්නා නාම යෝජනා පත්‍ර සහ ලැබී තිබූ විරෝධතා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සාමාජික එම්.ඒ්‍.පී.සී පෙරේරා , සාමාජික අමීර් පායිස්, සාමාජික ඒ ෂන්මුගනාදන් සහ සාමාජික මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ඇතුළු කොමිසම විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පනතේ 14 සහ 15 වැනි වගන්ති ප්‍රකාරව එම විරෝධතා ප්‍රතික්ෂේප කළ බව කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේය.

විරෝධතා ඉදිරිපත් කර තිබුණේ බත්තරමුල්ලේ සීලරතන හිමි,  ඕෂල හේරත් සහ ඒ නිසසංසලා කුමාරි විසිනි.

බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් විරෝධතා ඉදිරිපත් කර තිබුණේ නිශ්චිත අපේක්ෂකයෙක් සඳහන් නොකරය. ඕෂල හේරත් සහ ඒ. නිසංසලා කුමාරි විරෝධතා ගොනු කර තිබුණේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකගේ ජනාධිපති අපේක්ෂක නාම යෝජනාවට එදිරිවය.

මෙම විරෝධතා දක්වා ඇති කරුණු නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සඳහා පනතේ දක්වා ඇති කරුණුවලට අනනුකූල බැවින් එකී විරෝධතා යටපත් කිරීමට හෙවත් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නිවේදනය කළේය.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් 39 දෙනා මෙසේය.

  1. දිලිත් සුසන්ත ජයවීර,
  2. සරත් මනමේන්ද්‍ර,
  3. අබුබකර් මොහොමඩ් ඉම්ෆාස්,
  4. ඒ.එස්.පී ලියනගේ,
  5. පානි විජේ සිරිවර්ධන,
  6. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ,
  7. අජන්ත ද සොයිසා,
  8. බත්තරමුල්ලේ සීලරතන හිමි,
  9. ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා,
  10. නුවන් සංජීව බෝපගේ,
  11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්,
  12. ජේ.ඩබ්ලියු.එම් ජනක ප්‍රියන්ත රත්නායක,
  13. කේ.කේ. පියදාස,
  14. මයිල්වාගනම් තිලකරාජා,
  15. සිරිපාල අමරසිංහ,
  16. පාඛ්‍ය සෙල්වම් අරියනේත්තරන්, 
  17. සරත් කීර්තිරත්න,
  18. කේ ආනන්ද කුලරත්න,
  19. නාමල් රාජපක්ෂ,
  20. අක්මීමන දයාරතන හිමි,
  21.  කේ.ආර්. ක්‍රිෂාන්,
  22. පොල්ගම්පල රාළලාගේ චමින්ද අනුරුද්ධ,
  23. විජේදාස රාජපක්ෂ,
  24. පල්ලෙමුල්ල කපුගමගේ අනුර සිඩ්නි ජයරත්න,
  25. සිරිතුංග ජයසූරිය,
  26. මහින්ද දේවගේ,
  27. අයිදුරුස් මොහොමඩ් ඉල්ලෙයාස්,
  28. ලක්ෂ්මන් නාමල් රජපක්ෂ,
  29. බියන්වලිගේ ඇන්ටනි වික්ටර් පෙරේරා,
  30. ජේ.ඩී.කීර්ති වික්‍රමරත්න,
  31. සජිත් ප්‍රේමදාස,
  32. රනිල් වික්‍රමසිංහ,
  33. මරක්කල මානගේ ප්‍රේමසිරි,
  34. මුතුවාහන්දි ලලිත් ද සිල්වා,
  35. පී.ඩබ්ලියු.එස්.කේ බණ්ඩාරනායක,
  36.  ඩී.එම්. බණ්ඩාරනායක,
  37. දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක,
  38. අගම්පොඩි ප්‍රසංග සුරන්ජීව අනෝජ් ද සිල්වා,
  39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

මෙවර ජනාධිපතිවරණයට පෙනී සිටින අපේක්ෂකයන් බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම සැප්තැම්බර් 21 වැනිදා මැතිවරණය පැවැත්වෙන බව ද ඔහු නිවේදනය කළේය. අනුමත ලකුණු වෙන්කර දීම තවදුරටත් සිදුවේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරයේ පුද පූජා කිරීමට හින්දු බැතිමතුන්ටත් හිමිකම ලබා දෙමින් අධිකරණ තීන්දුවක්!

Next Post

ජනපතිගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය….

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.