නිරෝධායන ඇදිරි නීතිය කාලය තුළ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසරපත්‍ර ලබාදීමක් පොලීසියෙන් සිදු නොවන බව පොලිසිය සදහන් කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන ඇදිරි නීතිය පවතින කාලය තුළ මාර්ගයේ ගමන් කිරීමට හැකි කණ්ඩායම් සහ පුද්ගලයින් සම්බන්ධයෙන් පැහැදිලි නියෝග නිකුත් කර ඇති බැවින් කිසිදු පුද්ගලයෙකුට හා ආයතනයකට ඇදිරි නීති බලපත්‍රයක් පොලිස් ස්ථාන මගින් ලබා නොදෙන බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.
මේ වන විට අත්‍යවශ්‍ය සේවා යැයි සදහන් කරමින් විවිධ පුද්ගලයින් පොලීසියෙන් ඇදිරි නීති බලපත්‍ර ඉල්ලා පොලිස් ස්ථානවලට පැමිණෙමින් ඇති බවත් පොලිස් ස්ථානවලට මේ වන විට එය හිරිහැරයක් බවට පත්ව ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරු රැසක්ම සදහන් කළහ.මෙසේ පැමිණෙන පිරිස් සදහන් කරන්නේ පොලීසියෙන් අවසර පත්‍ර ලබාගැනීමට හැකි බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා රූපවාහිනීයේ පැවසූ බවය.
පිටකොටුව තොඟ වෙළෙඳ සංකිර්ණයේ කටයුතු නිරික්ෂණය කිරිමේ අවස්ථාවට ඊයේ 20 සහභාගිවෙමින් සහභාගි වෙමින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ
අදහස් දක්වමින් කියා සිටියේ, අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය අවසර පත් අදාළ පොලිස් ස්ථානවලින් ලබාගැනීමේ හැකියාව පවතින බවය.