මේ දින වල පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්වීමට පෙර නිකුත් වී ඇති බවට පළ වන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.
පසුගිය දින වලදී ඉකුත්දා පැවති ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න විභාගයට පෙර නිකුත් වී තිබුණු බවට සමාජ මාධ්‍ය පුරා වාර්තා වී තිබූණි.
ඒ අනුව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව පැවසීය.
අදාල සිදුවීම් සම්බන්ධයෙන් ලද තොරතුරු මත පදනම්ව මෙම පරීක්ෂණය පවත්වන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.







