<h4><strong>දිනසේන රතුගමගේ</strong></h4> <h4><strong>මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලට වැසි දිය ගලායාම වැළක්වීම සදහා ආරක්ෂිත කූඩාරම් ඉදි කිරීමෙන් පසුව යළි එම සමූහ මිනී වලේ කැණීම් කටයුතු 6 දා ආරම්භ කොට තිබේ.</strong> කැණීම් කටයුතුවල පූර්ණ ආරක්ෂාව පොලිසියට භාර කොට තිබියදී යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරින් ලෙස හඳුන්වා ගත් පිරිසක් එම ස්ථානයට පමිණ සමූහ මිනී වලේ අවසරයකින් තොරව ඡායාරූප රැගෙන ගිය බවට නීතිඥවරු පිරිසක් මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කොට තිබේ. මුලතිව් අධිකරණය විසින් පනවා ඇති නියෝගවල නම් හා තනතුරු සදහන් පුද්ගලයන්ට හැර කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම් කටයුතු සිදුවන ස්ථානයට බාහිර පුද්ගලයින්ට අවසරයකින් තොරව පැමිණීමට නොහැකිව තිබියදී මේ පිරිස බලහත්කාරයෙන් පැමිණීම ගන පරීක්ෂණ ආරම්හ කරන ලෙස නීතිඥවරු මුලතිව් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ. ඒ අනුව ඒ ස්ථානයේ සීදු වූ දේ පිළිබදව සවිස්තර වාර්තාවක් මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියෙන් ඉල්ලා ඇත. කොක්කුතුඩුවායී සමූහ මිනි වලේ කැණීම් කටයුතු වර්ෂාවෙන් බාධාවක් නොවන නිසා අඛණ්ඩව සිදු කිරීමට බලා පොරොත්තු වන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් මහාචාර්ය රාජ් සෝමදේව මහතා එම ස්ථානයට පැමිණ ඔහුගේ අධීක්ෂණය යටතේ කණීම් කටයුතු සිදු කෙරෙයි.</h4>