සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගය විවාදයට නොගෙනම විසිවෙයි!

by editor
අගෝස්තු 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කතානායකවරයාට බාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි වන පසුබිමක් නිර්මාණයවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේ හෙයින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු විමසා බැලීමට නීතිපතිවරයාට යොමු කර ඇති බව රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

එසේම මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් නොකරන ලෙසට කතානායකවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඊයේ ඇතුළත් කිරීමට නියමිතව තිබිණ.

අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාට ගැසට් නිවේදනයකින් විෂය පැවරීමක් කර නැති හෙයින් යම් වගකීමක් නිල වශයෙන් නොපැවරී ඇති අවස්ථාවක එවැන්නකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ නෛතිකමය හැකියාවක් නොමැති බව ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමතිවරු පෙන්වා දෙති.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එවැන්නෙකුට විරුද්ධව යෝජනාවක් ගෙන එන්නේ නම් ගෙන ආ හැක්කේ දෝෂාරෝපණය කිරීමේ යෝජනාවක් පමණක් බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.

එසේ හෙයින් නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාවක් නැති බව කියන එම මැති ඇමතිවරු ලංකා ඉතිහාසයේ කිසි දිනක නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි ද ප්‍රකාශ කළහ.

මෙම යෝජනාව ගෙන ඒමට මූලික වී කටයුතු කළ සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන් ලංකාදීප මේ පිළිබඳව කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ ජනාධිපතිවරයා විදේශගතව සිටි සෑම අවස්ථාවකම ඔහුගේ ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ ආවරණය කරනු ලැබුවේ අරුණ ජයසේකර විසින් බවය.

එසේම ඔහු නිතර ආරක්ෂක හමුදා කඳවුරු වලට පවා යමින් විවිධ නියෝග ලබාදුන් බවත් එවැනි තත්ත්වයක් යටතේ ඔහු එම අමාත්‍ය ධූරයේ සිටියදී පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමෙන් ඒ පරීක්ෂණවලට අගතියක් සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය. (සුජිත් හේවාජූලිගේ – ලංකාදීප)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුදු වෙන්න ක්‍රීම් හෝ එන්නත් නෑ… සුදු වෙන්න ගිහින් මැරෙන්න එපා… කොළඹ ජාතික රෝහලෙන් දැනුම් දීමක්!

Next Post

ලෝක ඉරණම තීන්දු කරන විකල් සීයලා දෙදෙනෙකුගේ උද්ච්ඡ හමුව ලෝකයම තැතිගන්වා ඇති හැටි….

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.