සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය වියදම් ගැන කියන්නේ බොරු… වැඩසටහන්වල වගකීම් දරන නිලධාරීන්ට එරෙහිව විගණන පරික්ෂණයක් පවත්වන්න…. සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තිය සංගමය රජයෙන් ඉල්ලයි…

by editor
දෙසැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පසුගිය වසර 13 ඇතුළත මෙරටේ ආපදා කළමනාකරණයේදි ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලදී ආපදාවන් ඇතිවීම පාලනය නොවූ බවට විගණකාධිපති වාර්තා මගින් රටට හෙලිවී ඇති බවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිලධාරීන් විසින් මෙරට ආපදාවන්හිදී ජනතාවට සහන සැලසීම පිලිබඳව සාවද්‍ය කරුණු සමාජ ගත කරන බවත්, සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තිය සංගමය පවසයි.

වෘත්තීය සංගමය එම අදහස් පලකර සිටියේ ඊයේ ( 07 ) පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තිය සංගමයේ සභාපති එම්.ජී.පී. උපුල් කුමාර තම අදහස් මෙසේ දක්වා සිටියේය.

”පසුගිය දිනවල මෙරට ඇතිවුන ආපදා තත්වයෙන් මේ රටේ ජනතාව බේරා ගැනීමට හා සහන සැලසීමට කඩිනමින් ඊට අවශ්‍ය සියලු කටයුතු සඳහා මැදිහත් වුනා, ඒ වෙනුවෙන් කටයුතු කළ ජනාධිපතිවරයාටත්, රජයටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයටත් අපි ස්තූතිවන්ත වෙනවා.”

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් විසින් ආපදාවන් හේතුවෙන් පීඩාවන්ට පත්වූවන්ට සහන සැලසීම පිලිබදව මාධ්‍ය හරහා පසුගියදා සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමෙන් වැරදි තොරතුරු සමාජගත වෙලා තියෙනවා. ඒක බරපතල තත්වයක්. එහිදී ආපදා අවම කිරීමේ අධ්‍යක්ෂකවරිය වන අනෝජා සෙනෙවිරත්න මහත්මිය, සහන සේවා කදවුරුවල රැදී සිටින අවතැන්වූ එක් පුද්ගලයෙකුට දිනක් සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් රුපියල් 900 ක් වෙන් කරන බව ඒ මාධ්‍ය වැඩසටහනේදී ප්‍රකාශ කළා. නමුත් ඒක අසත්‍ය ප්‍රකාශයක්. ඒ අවතැන්වූ එක් පුද්ගලයෙකුට වෙන් වෙන්නේ රුපියල් 600 යි.

මෙරට අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පසුගිය කාලයේ ක්‍රියාත්මක කරනු ලැබූ ආපදා කළමනාකරණ වැඩසටහන් මගින් ආපදාවන් මැඩ පැවැත්විමට අපොහොසත් වීම පිලිබදව වාර්තාවෙන් එලිවෙලා තියෙනවා. ඒ ආපදාවන් වැළැක්වීමේ ව්‍යාපෘති සඳහා පහුගිය අවුරුදු 13 සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් රුපියල් මිලියන 3250ක් වෙන්කරලා තියෙනවා. නමුත් ඒ මුදල් වලින් ආපදාවන් වලක්වා ගැනීමට නිසි ලෙස මුදල් යොදා නොමැති බවට විගණකාධිපති වාර්තාවෙන් මේ වනවිට අනාවරණය වෙලා තියෙනවා. ආපදා කළමනාකරණ වැඩසටහන්වලට වෙන් කරපු සල්ලි වලට මොකද උනේ.

ආපදාවන් ඇති නොවෙන්න කටයුතු කරන්න බැරි උනානම් ඒ වැඩසටහන් අසාර්ථකයි කියලයි අනාවරණය වෙලා තියෙන්නෙ. ඒ මුදල්වලට මොනවද උනේ කියල රටේ ජනතාව දැන ගත යුතුයි. රටේ ආපදාවන් ඇති වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් වෙනුවෙන් කොච්චර මුදලක් වියදම් කළාද කියලා ඒ වැඩසටහන් ක්‍රියාත්මක කල නිලධාරීන්ට එරෙහිව විගණනයක් කරලා රටට හෙලි කරන්න කියල අපි කියනවා.

අගෝස්තු මාසයේ ඉඳන් ආපදා සහන සේවා නිලධාරීන්ගේ, රුපියල් 3,000 ක ගමන් වියදම් දීමනාව මෙතෙක් ලබා දීලා නෑ. ඒ නිසා ගමන් වියදම් දීමනාව ලබාදෙන ලෙසට රජයෙන් අපි ඉල්ලා සිටිනවා. යැයි ද උපුල් කුමාර මෙහිදී හෙළිදරව් කළේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රංජීවගෙන් මරණීය තර්ජන… ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යාන්තර සංවිධානයේ අජිත් ධර්මපාල පොලිස් ඇමතිට ලිඛිතව දන්වයි!

Next Post

ගහන මඩ තඹයකට මායිම් කරන්නේ නෑ… පාර්ලිමේන්තුවෙදි කළ කතාව බලාපොරොත්තු වුන සමාජ සංවාදය හදලා… දැන් වගාවට සිදුවන වන සත්ත්ව හානිය ගැන කඩිනම් ඇත්ත උත්තරය හොයමු… කෘෂිකර්ම ඇමති ලාල් කියයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.