ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන ක්‍රියාත්ම කිරීම හා නොකිරීමට පක්ෂ මන්ත්‍රිවරුන්ගේ බෙදීම නිසා අද (30) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීම උණුසුම් තත්වයක් ගත්තේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී 21 වැනි සංශෝධනය ඉදිරිපත් නොකරන ලෙස බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් යුතු කණ්ඩායමත් 21 ගෙනා යුතු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායමත් අතර ගැටුණු අදහස් නිසා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වී තිබේ.
මෙහි දී ඩයනා ගමගේ, දිලුම් අමුණුම, සරත් වීරසේකර, විමලවීර දිසානායක, ප්‍රසන්න රණවීර, චින්තක මායාදුන්න ඇතුළු පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරු පිරිසක් 21 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස බල කරමින් තර්ක ඉදිරිපත් කර ඇත.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විජේදාස රාජපක්ෂ, මහාචාර්ය චරිත හේරත්, හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් 21 ගෙන ඒමට පක්ෂව අදහස් දක්වා තිබේ.
මේ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මධ්‍යස්ථ මතයක් දරා ඇත.
21 වැනි සංශෝධනය සම්බන්ධව මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා තිබෙනවා නම් ලබන බ්‍රහස්පතින්දාට පෙර ඒවා ඉදිරිපත් කරන ලෙස ප්‍රකාශ කර ඇත.







