සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී  “වට කර ගුටි කෑ“ ගම්මන්පිලගෙන් හෙට  පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්… ඉල්ලා අස්වෙයි ද?

by editor
පෙබරවාරි 7, 2022
in පුවත්
Udaya-Gammanpila
Share on FacebookShare on Twitter

හෙට (08) දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල   පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි පැවසේ.

අද දින පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී උදය ගම්මන්පිලට ආණ්ඩුමේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි ප්‍රහාරයෙන් අනතුරුව හෙට  මෙම   විශේෂ ප්‍රකාශය කිරීමට ඇමතිවරයා සූදානමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අගමැති හා මුදල් ඇමති ප්‍රමුඛව  අද අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ගම්මන්පිල ඇමතිවරයා දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබිණි.

ඊට ප්‍රධාන හේතුව වී තිබුණේ ඩොලර් අර්බුදය ඇතිවූයේ කොවිඩ් වසංගතය නිසා නොවන බවට ඇමතිවරයා පසුගිය සතියේ කළ ප්‍රකාශයත් සමගය.  ආණ්ඩුව ජනතාවට ඇත්ත කිව යුතු බවත් බලශක්ති ඇමතිවරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උදය ගම්මන්පිල ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය මුලින්ම ප්‍රශ්න කර ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා තිබුණේ මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසිනි.

එහෙත් උදය ගම්මන්පිලට අදහස්  දැක්වීමට අවස්ථාවක් නොදී පසුපෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධ පමුණුවා තිබේ. ජනාධිපතිවරයා ද ගම්මන්පිලගේ අදහස් ප්‍රතික්ෂේප කර තිබිණි. අනතුරුව රෝහිත අබේගුණවර්ධන ඉතා දැඩි ලෙස ගම්මන්පිල ඇමතිවරයාට  දෝෂාරෝපණය කර අමාත්‍යවරයෙක් ලෙස වගකීමෙන් අදහස් පල කරන්නැයි ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම බලශක්ති ඇමතිවරයා හා විදුලිබල ඇමතිවරයා අතර ඇති වී තිබෙන අර්බුදය එළිපිට ප්‍රකාශ වීම සම්බන්ධව දැඩිව විවේචනය කළ පසුපෙළ මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබුණේ සාමුහිකත්වයේ ආදර්ශය කැබිනට් මණ්ඩලය තුළින් ලබා දෙන ලෙසය.

මේ තත්වය තුළ පක්ෂ රැස්වීමේදී හුදකලා වූ ගම්මන්පිල ඇමතිවරයා විශේෂ ප්‍රකාශයක් සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූස්ටර් එන්නත ලබා නොගත් පිරිසක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ  ඉන්නවා…  අධ්‍යක්ෂවරයා කියයි

Next Post

පැන්නූ ලංවිම ලොක්කන් ලක්ෂ ගණන් දීමනා දී පස්ස දොරෙන් ගෙට… සභාපතිගේ ඉල්ලා අස්වීමත් බොරුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.