බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවටත් කෙළවෙන අවදානමක් සහිතව විජේපාලගේ උපදේශක විකෘතිය නඩත්තු කරන්නේ ඇයි?…

by editor
අප්‍රේල් 12, 2025
in පුවත්
AnandaW
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බටලන්ද විවාදයේදී පාර්ලිමේන්තුවේදී මෙසේ සඳහන් කෙරුවේය.

“…..දැන් ඊළඟට බලන්නකො. ඔය ගොල්ලන්ගෙ පොලිස් අමාත්‍යංශෙ. ඔව් ඒ පොලිස් අමාත්‍යතුමාගෙ උපදේශකය. රණවීර.එයා තමයි වැලිපැන්න කඳවුරේ නායකයා. රණවීර නීතිය හා සාමය අමාත්‍යංශෙ උපදේශකය. එයාට චෝදනා රාශියක් තියෙනවා. තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කරාය කියල. එයා ලග තියාගෙන තමයි තාජුඩීන් ඝාතනය ගැන හොයන්නෙ. තමුන්නාන්සේලාගෙ නායක තුමාගේ විජේවීරගෙ ගෙදර වැඩ කරපු පක්ෂයේ පූර්ණකාලිකයෙක් සහෝදරිය. කවුද එයා. එයා තමයි කරුණක්කා. කරුණක්කා තමයි විජේවීරගෙ දරුවො බලාගත්තෙ. කරුණක්කගෙ අයිය වැලිපැන්න කඳවුරේ වද දීල මරල දැම්මෙ රණවීර ….”

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී එසේ සඳහන් කෙරුවේ අප විසින් ද මතු කරන ලද සිද්ධියකි. අප අවස්ථා ගණනාවකදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමතිවරයාගේ උපදේශක ඩී.එල්.ආර්.රණවීරගේ පැටිකිරිය අනාවරණය කර තිබේ. එහෙත් ඒවා NPP ආණ්ඩුවේ අවධානය⁣ට ගත් බවක් පෙනෙන්නට නම් නොවීය. වඳුරුන්ට බණ කීම ඊට වඩා පහසු බව අපට නොසිතුනා නොවේ .ඩී.එල්.ආර්.රණවීර පොලීසියේ සේවය කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි. ඔහුගේ සේවා ගොනුව ඉතා කැතය. අවලස්සනය. චෝදනා බොහෝය.රණවීර සිය පොලිස් රාජකාරිය රාජපක්ෂලාට පාවා දී ඇත්තේ එක අවස්ථාවක නොවේ. අවස්ථා ගණනාවකදීම එසේ සිදු කර තිබේ.

ඩී.එල්.ආර්.රණවීරට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙක් ලෙස පත් වීමට පින පෑදෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හා පවතින අඹ යාළුකම නිසාය. ඇමති ආනන්ද විජේපාලද පොලිස් සේවාවේ උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස සේවය කර තිබේ. රණවීර හා විජේපාල එක කණ්ඩායමක ආධුනික උප පොලිස් පරීක්ෂක වරුන් ලෙස එසේ සේවය කරන ලද බවද අනාවරණය වේ. ඩී.එල්.ආර් රණවීර විශ්‍රාම යාමෙන් පසුව පසුගිය ජනපතිවරණයේදී පොලිස් විශ්‍රාමික සමූහයේ කුරුණෑගල සංවිධායක වරයා ලෙස NPP දේශපාලනය⁣ට සම්බන්ධ වී ඇත.

ඔහු NPP ⁣දේශපාලනයට සම්බන්ධ වෙන්නට ඇත්තේද විජේපාල මිත්‍රයාගේ උපදෙස් මත බව සිතාගන්නට පුළුවන. NPP පුරවැසියන් හට දුන් පොරොන්දු රණවීර උන්නැහේ අරභයා ක්‍රියාත්මක නොවීම සිඳු වන්නේ “මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවති – බිතු සිතුවම් රූ මෙන් පිටුනොපාවිතී “යන්න තහවුරු කරමිනි .එසේ නැතිනම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළ පොලිස් කාරයෙකුට උපදේශකයකු ලෙස මේ ආණ්ඩුවේ මුදුනින්ම සිටින්නට ඉඩ හැකියාව නැත. NPPයේ අත්තිවාරම වන ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් ඝාතනය කළ වධකයකු ආණ්ඩුවේ ගෞරවණීය උපදේශකයක් වන්නටද නොහැකිය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

විපක්ෂයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කරන්නේ ඒ කැත ස්වරූපයයි. සැබැවින්ම NPP ආණ්ඩුවේ සිටින ජනතා විමුක්ති ⁣පෙරමුණේ සහෝදරයන්ගේ හෘද සාක්ෂිය මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ අවලාද නිසා කම්පනයට පත් වූයේ නැති නම් එය බරපතලය.

පොලිස් ඇමතිට ලැබෙන්නේ  මොන ආකාරයක උපදේශ ද?

එසේම පොලීසියේ විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ගන්නා උපදේශය කෙසේ වෙතත් සිය යාළු මාළු අඹ යාළුවාට ජීවිතයේ සන්ධ්‍යා භාගය සැපසේ ජීවත්වීම සඳහා ඇමතිවරයා විසින් මහජන මුදලින් වැටුපක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සළසා දී ඇති බව පැහැදිලිය. එසේ නැති නම් පොලීසිය ගැන උපදෙස් ගත හැකි පොලිස් සේවාවේ සිට විශ්‍රාම ගත් විශිෂ්ටයන් බොහෝ දෙනෙක් මෙරට සිටී. රණවීර වැනි අයෙකුගෙන් ඇමතිවරයාට ලබා ගත හැකි උපදේශය වන්නේ ආත්මය පාවා දී පොලිස් රාජකාරිය කරන්නේ කෙසේද යන්න ගැන පමණකි. ඔහුට ඒ පිළිබඳව ඕනෑවටත් වඩා අත් දැකීම් ති⁣බේ.

මහජන ආරක්ෂක ඇමති ආනන්ද ව්ජේපාල තමන්ගේ සාක්කුවෙන් වැටුප් ගෙවා අඹ යාළුවා උපදේශක තනතුරේ තබා ගත්තා නම් අප මෙවැනි හෑලි ලියන්නේ නැත. දැන් මේ උපදේශකයාට ගෙ⁣වන්නේ මහජන බදු මුදල්ය. ඒ නිසා අපට ඒ ගැන කැක්කුමක් තිබේ. උපදේශක ඩී.එල්.ආර්.රණවීර පොලිස් සේවාවේදී සිය රාජකාරිය යහපත්ව ඉටු කර තිබුණේ නම් ඒත් ප්‍රශ්නයක් නැත. ඒත් මොහු පොලිස් සේවාවේදී ඉටු කරන ලද රාජකාරිය පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් කරවන ආකාරයේ මැදිහත්වීම්ය. ඒ සියල්ල රාජපක්ෂලාගේ පාදඩ හා පෝරිසාද දේශපාලනය ආරක්ෂා කර ගැනීම සදහා වූ පෞද්ගලික කැප කිරීම්ය. එවැනි අනීතික ක්‍රියාවලට සාමාන්‍ය පුරවැසියෙකුට නම් හිරේ විලංගුවේ ලගින්නට සිදු වේ. එහෙත් රණවීර පොලිස් රාජකාරියේදී සිදු කරන ලද වැරදිවලට කිසිදු දඬුවමකට ලක් වී නැත. ආශ්චර්ය වන්නේ එයයි. එවැනි අපරාධකරුවකුට විශ්‍රාම යාමෙන් පසුව ඇමති උපදේශකයකු වන්නටද අවස්ථාව සැළසී තිබේ. ඒ උපදේශක තනතුර මොහුට ලැබෙන්නේද එසේ මෙසේ ආණ්ඩුවකින් නොවේ. වංචාව දූෂණය හා අපරාද මෙරටින් තුරන් කිරීමට ජනතාව ඉදිරියේ දහ අතේ දිවුරා පොරොන්දු වූ ආන්ඩුවකිනි.

අප මේ තොරතුරු අනාවරණය කරන්නේ ආණ්ඩුව සමග ඇරියස් තියෙන නිසා නොවේ. මේ පල දරා ඇත්තේ දශක ගණනක් තිස්සේ අපත් කැප කිරීම් කරමින් ගොඩනගා ගත් ප්‍රාර්ථනාවය. ඒ ප්‍රාර්ථනාවට ඉහඳ තියන්නට පෝරිසාද රාජපක්ෂලා සමග එක පතේ කෑ ඉනිකුනන් ගෝපයියන් මැක්කන් NPP ආණ්ඩුවට රිංගීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳ මදි බව කියන්නටය. මේ සත්තු නිසා වැළඳෙන රෝග වලින් ආණ්ඩුව හැඳි ගෑවී යන්නටද ඉඩ තිබේ. අප ආණ්ඩුවට අනතුරු අඟවන්නේ ඒ නිසාය.

තනි හයියකින් මේ ර⁣ටේ දේශපාලන බලයට හිමි කම් කියන්නට පොඩි මිනිසුන්ට ලැබුණ එකම හා අවසාන අවස්ථාව මෙය බව NPP ආණ්ඩුවේ සහෝදර සහෝදරියන් ඉස් මුදුනේ තබා ගත යුතු දේව වාක්‍යයයි. ඒ අවස්ථාව අත් හැරී ගිය හොත් සිදු විය හැකි විනාශය සුළු පටු නොවේ. ආණ්ඩුවට එරෙහිව සිටින්නන් මේ හෝරාවේ නඟන අවලාද හා අපවාද ආණ්ඩුවේ නොහැකියාව නිසා සිඳුවන බවට පුරවැසියන් විනිශ්චය කිරීමට පෙර ආණ්ඩුව විසින් සෘජු තීන්දු තීරණ වලට එළඹිය යුතුමය.එහිදී පුද්ගල හිතවත්කම් අදාල කර ගත යුතුද නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිස්නස් මරු… අවුරුද්දේ සතුට කලින්ම ඉතිරෙන යාගොඩමුල්ල රසකැවිලි ගම්මානයට ගියෙමු!

Next Post

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති අතුරුදහන් කිරීම – පිල්ලෙයාන් රඳවාගෙන ප්‍රශ්න කරන්නට දින 90ක රැඳවුම් නියෝගයක්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.