සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුකාරවරයෙක් ද?… ලලිත් යූ ගමගේ වැනි කෙනෙක් ප්‍රාර්ථනා කරන්න….

by editor
ජූලි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමා නීතිඥ ලලිත් යූ ගමගේය.   කැට දමා කිව හැකිය.   එතුමා තරම් විශිෂ්ට පරිපාලකයෙක් ලොවෙත් නැත. ලොවි ගසෙත් නැත. එවැනි වැදගත් වෘත්තිකයෙක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයට පත්වීම නුවර ඇත්තන්ගේම පිනය.  මේ සටහන තබන්නේ ඒ පින්සාර උත්තමයා පිළිබඳ හද පිරි ගෞරවයෙනි.

ඒ ගෞරවය උද්දීපනය වන සිද්ධියක් පසුගිය දා සිද්ධ වුනේය.  සිද්ධියේ ගැඹුර  තේරුම් ගත හැක්කේ මොළය කලඳක් හෝ ඇති එකෙකුට පමණි.

අපි ඉන්නේ බිහිසුනු ආර්ථික අගාධයකට වැටුණු රටකය. අඩුම ගානේ ඡන්දයක් තියාගන්නටවත් සල්ලි නැත. පළාත් පාලන මැතිවරණයට    නාමයෝජනාත් භාරගෙන දිනත් නියම කරගත් පසු ඡන්ද පත්‍රිකා ටික මුද්‍රණය කරගැනීමට සල්ලි නැති රටක පරිපාලකයින් සෑම ශතකයක්ම කළමනාකරණය කළ යුතුය.  ලලිත් යූ ගමගේ ආණ්ඩුකාරතුමා එ් විශිෂ්ඨ කළමනාකරණය රටටම ආදර්ශයක් දෙන ආකාරයට කළේය. කතාව මේකය

ඉස්කෝලේ යන වයසේ ඉන්නා බටු ඇට කෙල්ලෙක් පහුගිය සතියේ පණ කඩාගෙන දුවන ආකාරය අපි දුටුවෙමු. කෙල්ලගේ නම “තරුෂි කරුණාරත්න” ද කොහදය.  ආරංචි විදිහට ඒ දිවිල්ල  දිවගොස් තිබුණේ  25 වැනි ආසියානු මළල ක්‍රීඩා උළෙලේ ය.  පිට්ටනිය වටේ රවුම් දෙක්ක දුවපු කෙල්ල  ඉස්සරහින්ම ආවාය.   විනාඩි   2.00.66කින්  දිවිල්ල නිමා කළාය.

කියපු හැටියට  ඉසකෝලේ යන වයසේ සිටි ඒ කෙල්ලගේ දිවිල්ල ආසියානු වාර්තාවකි. දෙහිඅත්තකණ්ඩියේ ඉපිදි පසුව  මධ්‍යම පාළාතේ වලල ඒ රත්නායක විද්‍යාලයේ ඉගෙන ගන්නා දැරිවියක් බව කියැවිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇත්තටම මේ ලියන අපට නම් ඒ පිට්ටනිය වටේ දුවපු දිවිල්ලේ කිසි ලකයක් නැත. අපේ  ගමේ  ඇසිලින් ගේ දුව හරක් පස්සේ දුවන දිවිල්ල දැක්කා නම් ඔය දිවිලි මොනවද කියා හිතෙන්නේය. ඒ දැරිවි දුවන්නේ නියර උඩින් පැනගෙනය. අපට හිතෙන විදිහට ආණ්ඩුකාර තුමා ඊටත් වැඩිය දිවිලි මෙන්ම පැනිලි ද දැක ඇති බව අපේ විශ්වාසය ය.  තරුෂිගේ දිවිල්ල අහවල් ලබ්බක් දැයි  මේ ලියන අපට මෙන්ම එතුමාටත් හිතෙනවා නම් එය තේරුම් ගත හැකිය.

රටම ගොබ්බයින් සේ තරුෂි තරුෂි කියමින් වැළලෙන්ට හදද්දී අපේ ආණ්ඩුකර තුමා බටු ඇට කෙල්ල තඹයකට මායිම් කළේ නැත. පරිපාලකයින් ඉන්නට ඕනෑ එසේය. සල්ලි නැති රටේ රාජ්‍ය වියදමින් තේ එකක අනියත වියදමක්වත් දැරිය යුතු නැති බව අපට තේරෙන්නේය. ඒ නිසා තරුෂි කරුණාරත්න වෙනුවෙන් අනිවාරතේ සතයක් එතුමා වියදම් කළේ නැත. ඒ තබා වචනයක්වත් කතා කළෙත් නැත.

ඔබ කල්පනා කළ යුතුය.  ගරු ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ  උන්ට දුවන්න කිව්වේ නැත. දුවන්න යැයි කියා බලහත්කාරයෙන් පිට්ටනියට දැම්මේත් නැත. දිවිල්ල තෝරා ගත්තේ උන්ය.  ඇඟේ අමාරුවට පිට්ටනි වටේ දුවන කජු කිරි කෙල්ලන්ගේ  හිත හදනවාට වැඩිය ආණ්ඩුකාරවරයෙකුට  වැඩ ඇති බව අපට තේරුම් ගත හැකිය.

අනෙක තවම අවුරුදු විස්සක්වත් නැති ඉස්කෝලේ යන කෙල්ලෙක් උඩදාගෙන දඟලන්නට  ආණ්ඩුකාරවරයෙක්  සිය කාලය නාස්ති කිරීම අපරාධයකි.

තවත් කාරණාවක් තිබේ.  තමන් දුවන්න පුරුදු වෙනවා නම්, දුවන්නේ රජයට අයත් ක්‍රීඩාංගනයක ධාවන පථයක නම්, ඊට අවශ්‍ය මුදල ගෙවන්නේ නැතිව ඔලිම්පික් පදක්කමක් ගත්ත එකෙකුටවත් ක්‍රීඩාංගනයක පස් පාගන්නට දිය යුතු නැත. ඒ හැම ශතයක්ම යන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයටය. අපි හැමදාම රට ගොඩ දැම්මේ සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා, එකතුකරලා, එකතු කරලා ය.

දැන් තරුෂි කරුණාරත්න මධ්‍යම පළාත නියෝජනය කරමින් පළාත් තරග සඳහා සූදානම් වන්නට කල්පනා කරනවා නම්  කරුණා කර ගාස්තුව ගෙවන්නැයි ඇයට කිව යුතුව ඇත. ඔය ආසියානු දිවිලි මේ ලියන මටත් මගේ   ආණ්ඩුකාර තුමාටත් ලොකු නැත. තරුෂි ට ඔය දිවිලි දුවන්න කියා අපේ ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ   කීවේ නැත. දුවන්නේ රටේ උන්ගේ කීමට නම්, නැතිනම්  තමන්ගේ මනාපයට නම් පිට්ටනියට  ඇතුළුවීමේ  ගාස්තුව ගෙවීමට හෝ එය නිදහස් කිරීමට ආණ්ඩුකාරතුමාට    බඩේ අමාරුවක් නැත.

අනික  දිගන ක්‍රීඩා පිටියට ඇතුළුවන්නට ගාස්තුව රුපියල් 30ක්ය. රුපියල් 30ක් දෙන්නට බැරිනම් එහෙම එවුන් රට වෙනුවෙන් දුවවන එක රටට කරන අගෞරවයක් බව තේරුම් ගත යුතුය.  තරුෂි කරුණාරත්න පාසල් දැරියක් ලෙස  එක් දවසක රුපියල් 30ක් නොදී පිට්ටනියට පැමිණ හොඳ පරිප්පුවක් කෑවාය. ඇයව පිට්ටනියෙන් එලවන්නට යද්දී ඊට මැදිහත් වූ කොහේවත් ඉන්නා මධ්‍යකරුවන් ටිකක් නිසා වැඩේ වකූර් වුනේය. අපේ  ආණ්ඩුකාරතුමා  අන්තිමට එවැනි වැඩ නොකරන්නට ක්‍රීඩාවට සම්බන්ධ ඉහළම උත්සව කීපය දී තරුෂි කරුණාරත්නට කන් දෙක පිරෙන්න දුන්නේය.

ආණ්ඩුකාරවරයෙක් හැසිරෙන්නට අවශ්‍ය ඒ අකාරයටය. මට හිතෙන්නේ අණ්ඩුකාර තුමා කළ යුතුව තිබුනේ  නැවත දුවන්නට බැරි වෙන සේ  ඔය ඇට්ටර කෙල්ලගෙ කකුල් දෙක කඩන එකය. එහෙම කළානම් අද මේ රට කතා කරන ඔය ලොකු සීන් නැත.

වෙලා තියෙන්නේ මට සේම ආණ්ඩුකාර තුමාටත් මේ රට්ටු කියන රෙද්ද තේරෙන්නේ නැති එකය. උන් කියන්නේ ලොවෙත් නැති කතාය.

තරුෂි කරුණාරත්න 25 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ඇත. එම ඉසව්වෙන් කණිෂ්ට ආසියානු වාර්තාව මෙන්ම ආසියානු වාර්තාව ද තබා ඇත. ශ්‍රී ලංකා වාර්තාවත් තබා ඇත. ඒ මිට අවුරුදු 25කට පෙර  තැබූ ආසියානු වාර්තාවක් ඇය බිඳ දමා ඇති බව කීවේය.

දැන් මේ කතා අසා කන් පිරිලාය.  අපේ ආණ්ඩුකාරතුමා වෙනුවෙන් දැන් මට අහන්නට ඇත්තේ “ඉතින් අපිට පාන් ද” කියාය.

පිට්ටනි වටේ දුවලා එන උන්ට පෙරහර කරන්නට, උත්සව තබන්නට, තෑගි දෙන්නට, උන්ගේ හිත සනසන්නට අපේ ආණ්ඩුකාරතුමාට කැසිල්ලක් නැත. යළිත් කියන්නට ඇත්තේ එතුමා කිසිවෙකුට   දුවන්නට කියා නැති බවය.

අනෙක අපේ ආණ්ඩුකාරතුමා ගහන ගේම් හැටියට තරුෂි ගැහුවේ අහවල් ගේමක් දැයි විවෘතව ප්‍රශ්න කළ යුතුව ඇතැයි විශ්වාස කරමි.

අපේ ආණ්ඩුකරතුමා  ගහන තරමක් ගැහුවේ ජාත්‍යාන්තර ගේම්ය. එහෙව් වටිනා මිනිසෙකු ආසියාවේ වාර්තා තබා එන බටු ඇට කෙල්ලන්ව පයිසයකට මායිම් කළ යුතු නැත. අපේ ආණ්ඩුකාරතුමා ගහන  ජාත්‍යාන්තර ගේමවල දිග පළල    නුවර දිස්ත්‍රික්කයේ  පාසල්වල විදුහල්පතිවරු ඊයේ පෙරේදාත් අපට කීහ.

ඒ කතා ඇසූ අප දැන් ඉන්නේ ආඩම්බරයෙනි. මා දැන් කල්පනා කරමින් ඉන්නේ නිවාඩු දමා නිවි හැනහිල්ලේ ආවර්ජනය කරමින් අපේ ආණ්ඩුකාරතුමා ගැන ආඩම්බර වෙන්නටය.

ඒත් ගමේ උන් කියන්නේ වෙන කතාවකි…

“ ඕකට එළියට බහින්න එපා කියපන්… කපුටො කොටයි”

අපේ ගමේ උන් ආණ්ඩුකාරතුමාට එළියට බැසසොත්  කපුටන් කොටනු ඇතැයි කියන්නේ අහවල් කාරණාවක් නිසා දැයි මම තවම කල්පනා කරමි.

හින්නි අප්පුහාමි –

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහවැලි ගඟේ තැන්නේකුඹුර පාලම යට ජීව අත් බෝම්බයක්…

Next Post

බදුරලියේ වෙඩිතැබීමක්…. වෙඩි වැදුන පුද්ගලයාට අසාධ්‍යයයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.