කීර්ති ප්‍රනාන්දු –
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්මි හිමියෝ ඊයේ රාත්‍රියේ (27) අපවත් වූහ.
උන්වහන්සේ අපවත් වී ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දීය. අපවත්වන විට උන්වහන්සේ 85 වැනි වියෙහි පසුවූහ.
වැළමිටියාවෙ කුසලධම්ම නාමියෝෙපෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවේනාධිපති තනතුර හෙබවූහ. උන්වහන්සේ මෙරට ශාසනයේ උන්නතිය උදෙසා ඉමහත් සේවයක් සිදුකළ හිමිනමක් සම්භාවිතය.
උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් අද (28) දිනයේ තීරණය කිරීමට නියමිතය.