රට යළි විවෘත කළ වහාම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු සිදුකිරීමට තීරණය කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් කෙරුණත් ප්‍රතිඵළ නැවත සමීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මේ දක්වාත් විභාග දෙපාර්තමේන්තුව නිශ්චිත තොරතුරු ප්‍රකාශයට පත්කර තිබුණේ නැත.
දැනට පවතින සංචරණ සීමා හේතුවෙන් ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු සිදුකිරීමේ අපහසුතා පවතින නිසා රට යළි විවෘත කළ වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් වරයා සඳහන් කළේය.







