බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසපුවාසීන් සේරුවිල කොල්ල කෑවා… අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකාය නිවේදනයක් නිකුත් කරමින් කියයි!

by editor
සැප්තැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායට අයත් ප්‍රධාන ප්‍රධානතම පූජනීය ස්ථානයක් බවත් මෙම  ස්ථානය කිසිලෙසකින්වත් අසපුවාසීන්ට ලබාදීමට තමන් සූදානම් නැති බවත්    අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකාය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්  කරමින් ප්‍රකාශ කරයි.

එහි විධායක ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය තංගල්ලේ අනුරුද්ධ හිමියන් විසින් නිකුත් කර ඇති  එම නිවේදනයෙන් කියන්නේ     සේරුවිල මංගල රජමහා විහාරස්ථානය මේ වනවිට අලුදෙණියේ සුබෝධ භික්ෂුව ඇතුළු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අසපුවාසීන් බලහත් කාරයෙන් අල්ලාගෙන සිටින බවය.

මෙහි මහ මොළකරු  වූ කිරිබත්ගොඩ  ඤාණානන්ද හිමියන් තිරය පිටුපස සිටින මේ සියල්ල මෙහෙයවන බවත් එම නිවේදනයේ දැක්වේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකාය විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය මෙසේය.

සේරුවිල මංගල රජමහ සම්බන්ධයෙන් පැවති වාරණය ඉවත්කෙරේ.

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ පරිපාලන කටයුතු වලට මැදිහත් නොවන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 145/2021 DSP දරණ නඩුව මගින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි සමිඳ්‍රයාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති තවත් විත්තිකරුවන් පිරිසකට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර ඇත.

විහාරස්ථානයේ බලහත්කාරයෙන් රැඳී සිටින   අලුදෙණියේ සුබෝධ භික්ෂුව සහ තවත් පිරිසක්  විසින් මෙම නඩුව කොළඹ දිසා දිසා අධිකරණයට ගොනු  කර තිබිණ.

අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නාහිමිපාණන් වහන්සේට පණවා තිබූ වාරණය   නියෝගය ඉවත් කර ඇති බව 2021.09.25 දින කළපළුවාව ගෝතම තපෝවනය දී පැවති අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක සභාවේ දී කරුණු ඉදිරිපත් කෙරිණි.

මේ පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතු යැයි අප සංඝ සභාවේ අදහස විය.  එදින විද්‍යුත් නාලිකාවලට මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කළ අතර අද දින ඒ සම්බන්ධයෙන් පුවත්පත් නිවේදනය මෙසේ සිදු කරමි.

ඓතිහාසික සේරුවිල සේරුවිල මංගල රජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් කලක් යමක් ප්‍රකාශ කිරීමට නොහැකි වූයේ මා හට වාරණ නියෝගයක් පනවා තිබූ නිසයි . මේ වන විට එය ඉවත් කර තිබෙනවා.

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායට අයත් ප්‍රධාන ප්‍රධානතම පූජනීය ස්ථානයක්. මෙම ස්ථානය කිසිලෙසකින්වත් අසපුවාසීන්ට ලබාදීමට අප නිකාය සූදානම් නෑ. ගිහියන් පිරිසකට එකතු වී මෙවන් ඓතිහාසික සිද්ධස්ථානයක විහාරාධිපති වරු පත් කරන්න කිසිදු බලයක් නෑ. මේ රටේ ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාට පමණයි විහාරස්ථානයකට විහාරාධිපති ධුරය පත් කිරීමේ බලය තිබෙන්නේ.

පසුගිය කාලයේදී මෙම විහාරස්ථානය සම්බන්ධයෙන් විවිධ වාර්තා මාධ්‍ය තුළින් මත පළ වුණා. මේ වන විට සේරුවිල බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අසපුවාසී භික්ෂු පිරිස ප්‍රචාරයක් ගෙනියනවා සේරුවිල අසපුවේ ප්‍රවේණිගත උරුමය ට   විරුද්ධව උසාවි ගොස් ඇත්තේ   පිච්ච මල් පූජාවේ හාමුදුරුවෝ කියලා.  මේක අමූලික බොරුවක්. කොළඹ දිසා අධිකරණයේ අංක  145/2021 DSP දරන නඩුව පැවරුවේ අළුදෙනිලුදෙනියේ සුබෝධි භික්ෂුව ඇතුළු පිරිසක්. නිකාය සහ අනෙක් පාර්ශවය විත්තිකරු කළේ ඔවුන්. ඒ නිසා පොදු මහජනතාව දැනගත යුතුයි මේ වාසීන් කරන ප්‍රෝඩාව.

සේරුවිල මංගල රජමහා විහාරස්ථානය මේ වනවිට අලුදෙණියේ සුබෝධ භික්ෂුව ඇතුළු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අසපුවාසී අල්ලාගෙනයි සිටින්නේ. මෙහි මහ මොළකරු හා කිරිබත්ගොඩ හිමියන් තිරය පිටුපස සිටින මේ සියල්ල මෙහෙය වන්නේ උන්වහන්සේ.

මේ රටේ දේශපාලන අධිකාරියේ සිට අහිංසක දායකයා දක්වා සේරුවිල සම්බන්ධයෙන් ප්‍රචාරය කර හරින්නේ ව්‍යාජ තොරතුරු.  ඒ නිසා මහජනතාව තේරුම් ගත යුතුයි සේරුවිල පුද බිමේ වර්තමාන විහාරාධිපතීන් වහන්සේ පූජ්‍ය කොටපොල අමරකිත්ති කියලා.

තවදුරටත් අත්තනෝමතික ලෙස නිකාය සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් හැසිරෙන්න අසපු වාසීන්ට ඉඩ දෙන්නෙ නෑ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ නගර සභා සීමාව තුළ ඇති හිමිකම් තහවුරු කළ නොහැකි  ඉඩම්වලට වෙන දේ…

Next Post

අධිකරණ නියෝග නොතකා තිලීපන්   සැමරේ

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.