දිනසේන රතුගමගේ –
උතුරේ අධිකරණ වලින් ලබා දී තිබූ වාරණ නියෝග නොතකා දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ සංවිධාන ගණනාවක්ම ඊයේ ( 26 ) තිලීපන්ගේ 34 වෙනි සැමරුම් උළෙල පවත්වා තිබුණි.
පොලීසිය උතුරේ ආරක්ෂාව දැඩි කොට තිබුණ ද දෙමළ ජාතික සන්ධානයේ දේශපාලානඥයින් විසින් තෝරාගෙන තිබුණු ස්ථාන කීපයක තිලීපන් සමරු උළෙලවල් පවත්වා තිබුණි.
නමුත් මේ උත්සවවලට සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් සහභාගී වී නොසිටි අතර යාපනය විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කොට තිබූ සැමරුම් උළෙලට පිරිසක් සහභාගී වී සිටියහ.
නමුත් යාපනයේ කෝපායි ප්‍රදේශයේ ඉදිකොට ඇති තිලීපන් ස්මාරකය අබියස සමරු උළෙලවල් පැවැත්වීමට කවරෙකුටවත් නොහැකි වී තිබුණේ එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව දැඩි කොට තිබූ නිසාවෙනි.
තිලීපන් මියගොස් සැප්තැම්බර් 26 වෙනිදාට වසර 34 ක් පිරීම නිමිත්තෙන් මේ සමරු උළෙලවල් සංවිධානය කොට තිබුණි.