මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවතින අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතී. මේ හේතුවෙන් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතින බව මෙම පද්ධතිය සම්බන්ධව අවසන් නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව කොළඹ සිට පුත්තලම මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රී කුණාමලය දක්වාවන ගැඹුර සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම වළක්වාලමින් නිකුත්කළ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කරනු ලැබේ.
එමෙන්ම නිරිතදිග බේගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල බහුදින ධීවර යාත්‍රා සහ නාවික ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නිකුත් කළ අනතුර ඇඟවීමද ඉවත් කර ඇත.
උතුරු , උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.







