බී.බී.සී.
ඇමරිකානු වෝහාරික විද්‍යාගාර සමාගම ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් ආයතනය එක්ව අපූරු විද්‍යාත්මක පර්යේෂණයක් කළා. ඒ තමයි අවුරුදු දෙදහසකට පෙර ඊජිප්තුවේ ජීවත් වූ වැසියන්ගේ පෙනුම මොනවගේ විය හැකි ද කියලා විද්‍යාත්මකව සොයන එක.
මේ සම්බන්ධව පරීක්ෂණ කළ වෝහාරික විද්‍යාඥයන් මමි තුනක ඩී.එන්.ඒ ලබාගෙන ඒ මමිකරණය කළ පුද්ගලයින්ගෙ මුහුණේ හැඩරුව ප්‍රතිනිර්මාණය කළා.
තෝරාගෙන තිබුණෙ මීට අවුරුදු 2000කට පෙර දකුණුදිග ඊජිප්තුවේ ජීවත් වුණු පුද්ගලයින් තිදෙනෙකුගේ මමි.
ඒ අතීත මිනිසුන් ඔවුන්ගේ 25 වැනි විය ගත කරනවිට පෙනුම මොන ආකාරයට තිබිය හැකි දැයි ඔවුන්ගේ ප්‍රතිනිර්මාණිත රූප හරහා පෙන්වලා දුන්නා.
මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නෙ පැරබෝන් නැනොලැබ් හි විද්‍යාඥවරියක් වන එලන් ග්‍රේටක් කිවුවෙ මෙහෙම කතාවක්.
“ මේ මිනිසුන්ගේ පෙනුම මොනවගේද කියා දකින්නට ලැබීම ආකර්ෂණීයයි. අප ලඟ ඔවුන් ගැන සටහන් තිබුණා. චිත්‍ර තිබුණා. පිළිම තිබුණා. නමුත් ඔවුන්ගේ සැබෑ රුවක් අප ලඟ තිබුනෙ නැහැ. ඔවුන්ගේ ඩී.එන්.ඒ. විශ්ලේෂණය කර එය කර ගැනීමට හැකි වීම අපූරුයි.“
“ඇත්තෙන්ම මේ රූප සර්ව සම්පූර්ණ නෑ. එය සර්ව සම්පූර්ණ වෙතැයි අප අදහස් කරගෙන සිටියෙත් නෑ. “ ඇය කීවා.
ඇමරිකානු වෝහාරික විද්‍යාගාර සමාගම මේ ඩී.එන්.ඒ සොයාගත් ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් ආයතනය හා එක්ව මේ ප්‍රතිනිර්මාණික කටයුත්ත කළා. ලොව ආදිකාලීන වැසියන් ජීවත් වූ ආකාරය ගැන වැඩි විස්තර සොයා ගැනීමට මේ පර්යේෂණ ඉවහල් විය හැකි බව විද්‍යාඥයින් විශ්වාස කරනවා.
“ ආදිකාලීන සංස්කෘතිවල සිට දැන් ඒ පළාත් තුළ වෙසෙන සහ වෙනත් පළාත්වලට සංක්‍රමණය වූ ජනයාගේ ඩී.එන්.ඒ සැසඳීමෙන් ඔවුන් සංක්‍රමණය වූයේ කෙසේද?, කුමන ආකාරයේ දිවි පෙවෙතක් ගත කළේ ද, කවුරු කොහෙන් ආවාද?, මිශ්‍ර වූ අය කවුද?, වැනි දේ අපට ඉගෙන ගත හැකියි. නමුත් අපට කලින් මේ සංසිද්ධීන් අර්ථ දැක්වීමට හැකි වුණේ ඇටකටු සහ මැටි භාණ්ඩ දෙස බලා පමණයි. “ එලන් ග්‍රේටක් පැවසුවා.