අවු 2 මාස 11 වයසැති දරුවෙකු තත්ත්පර 30 ක් තුළ මිටර් 100 ක් දුර දිවගොස් ඉන්දියාවේ ප්‍රකට මානව ඇගයිම් වාර්තාකරණයක් වන චෝලන් වාර්තාවක් තබා තිබේ.
බලංගොඩ ප්‍රදේශයේ පදිංචි ආරොන් සත්වික් නැමැති මෙම කුඩා දරුවා මෙම චෝලන් වාර්තාව ඊයේ (05) දින බලංගොඩ නගර සභා ක්‍රිඩාංගණයේදි පිහිටුවා තිබිණි.
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් වාර්තා පොතට දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒ පිලිබදව අධික්ෂණය කර වාර්තාකරණයක් සිදුකරනු ලබයි. එම කටයුතු චෝලන් වාර්තා අධික්ෂණ කමිටුවක් විසින් සිදු කරනු ලබයි.
චෝලන් ලෝක වාර්තා පොත් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා, රත්නපුර දිස්ත්‍රික් සභාපති ප්‍රවීනා භාරතී, නුවරඑළිය දිස්ත්‍රික් සභාපති සම්බසිවම් සතිෂ්කුමාර් වාර්තාව පිහිටුවිම අධික්ෂණය සඳහා පැමිණ සිටිහ.