ලලිත් චාමින්ද –
අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රෙද්ශයේදී පසුගිය 14 දා 29 හැවිරිදි තරුණයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සඳහා යොදවන ලද නිල සුනඛයා කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජමේන්තු කඳවුරට ඇතුලුවිම නිසා කඳවුරේ තිබූ ගිනි අවි 36 ක් විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගත් බැව් අහුන්ගල්ල පොලිසිය පවසයි.
ඉකුත් 14 වැනි දින උක්ත ඝාතනය සිදුවූයේය. අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝල් මාවතේ පදිංචිව සිටි එනාදු තරිඳු නිසංසල ද සිල්වා (29) නැමැති මෙම තරුණයා වෙඩි තබා ඝාතනය කර තිබුණේ කුඩා දරුවන් දෙදෙනෙක් රැගෙන යතුරුපැදියක ගමන් කරමින් සිටිය දීය. ඝාතනය සිදුකර තිබුණේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන ඝාතකයින් දෙදෙනෙකි.
මෙකී ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීම සඳහා යොදවා තිබූ නිල සුනකයා යුධ හමුදා කඳවුරට ඇතුල් වී තිබුණි. එම නිසා දාහතර වන දින කඳවුර මගින් නිකුත් කොට තිබූ ගිනි අවි තිස් හයක් විමර්ශන කටයුතු සඳහාපොලිස් භාරයට ගනු ලැබීය .
කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජමේන්තු කඳවුර අසල තිබී ඝාතකයින් පැමිණි බවට සැක කරන යතුරුපැදිය ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.
අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරිත්ගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙි.
මේ ලිපියත් කියවන්න…







