ඩොලර් සංචිතවල පැන නැගී ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට නොයන බවත් එය තමන්ගේ සහ මුදල් මණ්ඩලයේ අවසාන තීරණය බවත් මහබැංකු අධිපතිවරයා අද (12) ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ ද පැවසීය.
මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අපේ තීරණය තමයි වෙනස් විකල්ප ඔස්සේ යන ගමන. එය අයිඑම්එෆ් යන ගමනට වඩා සතුටුදායක ගමනක් වෙනවා කියලා අපට විශ්වාසයි.
අයිඑම්එෆ් එක කියන්නෙ මැජික් එකක් නොවෙයි. අයිඑම්එෆ් එක තිබුණා කියලා අට මේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. අයිඑම්එෆ් එක ආවොත් වෙනත් ගැටලු බොහොමයක් ඇතිවෙන්න පුලුවන්.
මහබැංකු අධිපතිවරයා කීවේය.