මේ වනවිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී තිබේ. අද පස්වරු 4.30 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පියවර ගෙන තිබිණි.
එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ, පළමු අදියර ලෙස ප්‍රවේශපත් නිකුත් කිරීම, ආසන වෙන් කිරීම සහ පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් ඉවත් වෙමින් වැඩවර්ජනය දියත් කරන බවය.
දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කටයුතු නොකර පැරණි විභාගයකින් දුම්රිය නියාමකරවරුන්ට වැටුප් සහ උසස්වීම් ලබා දී ඇති නමුත්, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීම් පටිපාටි අනුමත කිරීමෙන් පමණක් උසස්වීම් සහ වැටුප් ප්‍රවර්ථක ලබාදීමට දුම්රිය සමාන්‍යාධිකාරීවරයා විසින් නිර්දේශ කර එකම කරුණක් සම්බන්ධයෙන් ඛාණ්ඩ දෙකකට ආකාර දෙකකට කටයුතු කිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙළඹ වූ පළමු හේතුව බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියයි
එමෙන්ම දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාල බඳවා ගැනීමේ පටිපාටි දුම්රිය නියාමක සංගමයේ විරෝධය හේතුවෙන් අනුමැතියට ඉදිරිපත් නොකර ඇති බව ද එම සංගමය පවසයි.
මෙම කාරණා පදනම් කරගෙන ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට අද පස්වරුවේ රැස්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර තිබිණි.
උක්ත ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අසාර්ථකවීමත්, ඊයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවැති සාකච්ඡා ද අසාර්ථක වීමත් නිසා මෙම තීන්දු ගත් බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.








