සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න –
අලුත් ආණ්ඩුවේ නව අගමැතිවරයාට සහ ඇමැතිවරුන්ට ආසන පැනවීමේ කටයුතු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් ආරම්භ කරනු ලැබ ඇත.
ඒ අනුව නව අගමැති රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිටින පැත්තේ මුල්පෙළ අගමැති ආසනය (හත්වෙනි ආසනය) පිරිනැමෙනු ඇත.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂට ද ඒ පැත්තේම ඉදිරි පෙළ ආසනයක් වෙන් කිරීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයකු හෙයින් ඔහුට අනිවාර්යෙන්ම ඉදිරිපෙළ ආසනයක් වෙන් කළ යුතුව ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට වෙන් කරනු ලැබ ඇත්තේද විපක්ෂය පැත්තේ ඉදිරිපෙළ අසුනකි.
ලංකාදීප –







