සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් අනියම් සැමියා හා   එක්ව අනියම් බිරිය තම පරණ අනියම් සැමියාගේ ගෙල කපා ඝාතනය කරලා…

by editor
නොවැම්බර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • ඔළුව එක තැනක වලදමා කඳ කොටස වෙනත් තැනක දමා ගිහින්.  පොලිස් විමර්ෂණ වලදි අයාලේ ගිය සුනඛයෙකු ඝාතනය කෙරුණු සිරුර හා වලදමා තිබූ ඔළුව සොයා දෙයි.

තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හා බලහරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එක්ව තණමල්විල, අරඹෙකෙම පදිංචි පුද්ගලයෙකු කොස්ලන්ද ප්‍රදේශයේ කැලෑවට රැගෙන ගොස් ගෙලකපා ඝාතනය කර වල දමා තිබියදී තණමල්විල මූලාස්ථාන පොලිසිය විසින් ඊයේ (22) දහවල් සොයාගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල අරඹෙකෙම පදිංචි  රොෂාන් දිනුක නැමති 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

හම්බෙගමුව අරඹෙකෙම පදිංචි රණසිංහ ආරච්චිගේ කාන්ති ඉන්ද්‍රානි නැමති අය විසින් පසුගිය 18 වන දින තණමල්විල පොලිසියට පැමිණි සිය පුත්‍රයා දින කිහිපයක් තිස්සේ ආගිය අතක් නොමැති බවට පැමිණිල්ලක් සිදුකර තිබේ. එහිදි සිය පුත්‍රයා හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමග අනියම් සබධාතාවයක් පවත්වාගෙන ගිය බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඝාතනය හෙළිදරවු කළ සුනඛයා…

ඒ අනුව තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.පී.බණ්ඩාර  ඇතුළු නිළධාරීන් කණ්ඩාමක් විමර්ශනය ආරම්භ කෙරුණි. ඒ අනුව අදාල කාන්තාවගේ නිවසට ගොස් මේ පිළිබඳව ප්‍රශ්න කර තිබේ. එහිදි එම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ කැබ් රථය තම නිවසේ තවතා ගිය බවත්, යන ස්ථානයක් පිළිබදව කිසිවක් නොකීව බවත්ය.

ඒ අනුව තණමල්විල පොලිසිය වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වුයේ මෙම කාන්තාවට බලහරුව ප්‍රදේශයේ තවත් අනියම් සැමියෙකු සිටින බවය. ඝාතනයට ලක් වු පුද්ගලයා එම පුරුෂයා සමග යතුරු පැදියකින් කොස්ලන්ද දෙසට යනු දුටු බවට සාක්ෂි ලැබි තිබිණි. ඒ අනුව පොලිසිය යළිත් එම කාන්තාව පොලිසියට ගෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම කාන්තාව විසින් අනෙක් අනියම් සැමියාගේ තොරතුරු ලබා දි තිබේ.

එම කාන්තාවගේ ප්‍රකාශ අනුව බලහරුව පදිංචි 46 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත. එහිදී එම සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙම කාන්තාව  සමග තමන්ගේ අනියම් සබධතාවයක් පවතින බවත්, ඝාතනය කෙරුණු පුද්ගලයාගෙන් ඇයට කරදර තිබූ බවත්ය. එම කාන්තාවගේ ඉල්ලීම පරිදි  මරණකරු සමග සුහදත්වයක් ගොඩනගාගෙන කොස්ලන්ද ප්‍රදේශයේ ගංජා හේනක් සකස් කිරිමට බව පවසා රැගෙන ගොස් කැලය තුළදි කැත්තකින් ගෙල කපා ඝාතනය කල බව ඔහු පැවසුවේය.

ඔහු ඝාතනය කිරීමෙන් පසු ඔළුව කදින් වෙන් කර වෙනම ස්ථානයක වල දැමූ බවත් සිරුරේ ඉතිරි කොටස ඇලක් ආසන්නයේ දමා ගිය බවත් තමන් රැගෙන ගිය කැත්ත හා උදැල්ල කැලයේ සඟවා ආ බවත්   සැකකරු පවසා තිබේ.

ඒ අනුව සැකකරුගේ මගපෙන්වීම මත ඝාතනයට ලක් වු පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට පොලිසිය කොස්ලන්ද ප්‍රදේශයට ගොස් තිබේ. පොලිස් නිළධාරීන් කොස්ලන්ද ප්‍රදේශයේන් කිලෝ මීටර් 08ක පමණ දුරක් කැලෑව තුළට ගොස් ඇත. මේ සදහා පොලිසිය පා ගමනින්  ගමන් කිරීමේදි අසල සිටි සුනඛයෙකුද පසුපසින් පැමිණ තිබේ. එහිදී  සැකකරුටද අදාල ස්ථානය සොයාගැනිමට අපහසු වු නමුත් පොලිස් නිළධාරීන් හා පසුපසින් පැමිණි සුනඛයා විසින් ඝාතනය කර දමා සිටි පුද්ගලයාගේ  සිරුර  හා වල දමා තිබූ ඔළුව කොටස මෙන්ම කැලයේ සගවා තිබූ කැත්ත හා උදැල්ලද සොයා ගැනීමට උපකාර වී තිබේ.

ඒ අනුව සැකකාර අනියම් බිරිය හා බලහරුව පදිංචි සැකකරු සමග යුතුරු පැදිය හා කැබ් රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් පුද්ගලයන් සම්බන්ධයෙන් මුලික විමර්ශන  තණමල්විල පොලිසිය මගින් සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කයුතු සදහා සැකකරු හා සැකාරිය කොස්ලන්ද පොලිසිය වෙත බාර දී ඇත. සැකකරු හා සැකකාරිය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති තුමනි… හයිවේ එක මැද නිධන් හාරන තැනට වැඩේ හැදූ මොළේ අර්ශස් හැදුන වේයන්ගොඩ ඕයිසී ගැන බලාගන්න…

Next Post

IMF එක්ක රනිල් ගිය පාරේම යන ආණ්ඩුව ගැන ඇහෙන කතා… ඇමරිකන් ඩොලර් මිලියන 333ක තුන්වන ණය වාරිකය අනුමතයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.